Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
විදේශ රටවලින් ආනයනය කර නිෂ්කාශනය නොකරන ලද සුඛෝපභෝගි වාහනවල ඡායාරූප පෙන්වා සුඛෝපභෝගී මෝටර් රථයක් ලබාදීමට හැකි බව පවසමින් රුපියල් 27,660,000 මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළ තවත් සැකකරුවන් සිටී නම් අත්අඩංගුවට ගෙන අධිකරණයට වහාම ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ඊයේ (9) නියෝග කළාය.
මෙම සිද්ධිය පිටුපස සිටින්නේ තම සේවාදායකයා නොව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දියණිය වන චතුරිකා සිරිසේනගේ ආරක්ෂක නිලධාරියකු බව සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයේදී ප්‍රකාශ කළ අවස්ථාවේදී මෙලෙස නියෝග කරන ලදි.
ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයකු වන ගුණසිරිලාල් නමැති සැකකරුවකු සම්බන්ධව නඩුවක් ඊයේ අධිකරණය හමුවේ නැවත කැඳවූ අවස්ථාවේදී සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ හරිස්ක සමරනායක මහතා අධිකරණයට මේ බව දැනුම්දුන්නේය.
තම සේවාදායකයාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ නඩු පවරා ඇතත් සැබවින්ම මෙම සිද්ධිය පිටුපස සිටින ආරක්ෂකයා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපොහොසත්ව ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධියේ සැකකරු තම සේවාදායකයා වන ගුණසිරිලාල් නමැත්තා එම ආරක්ෂක නිලධාරියාගේ හිතවතකු බවත්, කොළඹ වරායේ තිබෙන නිෂ්කාශනය නොකළ වාහන අටක් පිළිබඳව ඡායාරූප සමඟ තොරතුරු තම සේවාදායකයාට ලබා දී ඇත්තේ එම ආරක්ෂක නිලධාරියා බවද නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය.
එම ආරක්ෂක නිලධාරියා විසින් ලබා දුන් ඡායාරූප අටක් තම සේවාදායකයා දන්නා හඳුනන වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාර සම්සුදීන් නමැති අයට යවා ඇති බවද, ඒ අනුව පැමිණිලිකරු විසින් එම වාහනයක් ගැනීම සඳහා සැකකරුවන් කිහිපදෙනෙකුගේ ගිණුම්වලට රුපියල් 27,660,000ක මුදල් බැර කර ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවද පැමිණිල්ල මෙහෙයවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙහිදී අධිකරණය හමුවේ පැවසීය.
සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා හා පැමිණිල්ල මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ දැක්වූ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය, මෙම සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කළේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart