Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සරණාගතභාවය පතා පසුගිය දා මුලතිව් වෙත ළඟාවූ මියන්මාරයේ රෝහින්ග්‍යා සරණාගතයන් වහා පිටුවහල් කරමින් අමානුෂික ලෙස ක්‍රියා කිරීමෙන් වළකින ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයෙන් ඉල්ලීමක් කරයි.
ඔවුන් වහා පිටුවහල් කිරීමට රජය උත්සාහ කරන බවත්, එය මානව හිමිකම් කඩකිරීමක් බවත් පාර්ලිමේන්තුවේදී අදහස් පළකරමින් විපක්ෂ නායකවරයා පැවසුවේය.
රෝහින්ග්‍යා සරණාගතයන් යනු ඔවුන්ගේ රට තුළම දැඩි දඬුවම්වලට ලක්වූවන් බව පෙන්වාදුන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසුවේ, මෙම ගැටලුව විසඳීමේදී ‘නෙරපාහැරීමෙන් නිදහස් වීමේ අයිතිය’ සම්බන්ධයෙන් පවතින මූලධර්මය අනුගමනය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි.
“අපට ඔවුන්ව බලහත්කාරයෙන් පිටුවහල් කරන්න බැහැ. මෙම ක්‍රියාව වහාම නවතා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස්වරයා සහ අනෙකුත් අදාළ සංවිධාන සමඟ සාකච්ඡා කරන්න. අපි රොහින්ග්‍යා සරණාගතයින්ට මානුෂීය ආධාර ලබාදිය යුතුයි,” ඔහු වැඩිදුරටත් පැවැසීය.
ඉකුත් දෙසැම්බර් මස 19 වන දින මුලතිව් වෙරළ තීරයට ළඟා වී සිටි ළමුන් 40 කට වැඩි පිරිසක් ඇතුළුව රෝහින්ග්‍යා සරණාගතයන් 103 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් නාවික හමුදාව විසින් බේරාගනු ලැබීය.
අනතුරුව ඉකුත් ජනවාරි 03 වැනි දින මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවේ, රෝහින්ග්‍යා සරණාගතයන් පිටුවහල් කිරීමට රජය සළකා බලමින් සිටින බවයි.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ, රජය මියන්මාර බලධාරීන් සමඟ මෙම ගැටලුව සාකච්ඡා කිරීම ආරම්භ කර ඇති බව සහ පිටුවහල් කිරීම සිදුවිය හැක්කේ නීතිමය ක්‍රියාවලියෙන් අනතුරුව බවයි.
කෙසේවෙතත්, මෙම තීරණය දේශපාලකයන් තුළ යම් කැළඹීමක් ඇති කළ අතර, මුජිබර් රහ්මාන් සහ රිෂාඩ් බදියුදීන් ඇතුළු විපක්ෂ දේශපාලනඥයන් කිහිපදෙනෙකු රජයෙන් ඉල්ලා සිටියේ ඒ සම්බන්ධයෙන් නැවත සළකා බලන ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart