January 8, 2025

රුපියල් නවකෝටි හැත්තෑ ලක්ෂයක් (රුපියල් මිලියන 97ක්) වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සිය ගමන් මල්ලේ සගවාගෙන, කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ‘හරිත මාවත’ ( Green Channel ) ඔස්සේ පිටවී යෑමට තැත්කළ විදේශිකයෙකු ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (08) දින අලුයම අත් අඩංගුවට ගෙන තිබේ .

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 66 හැවිරිදි බොස්නියානු ජාතිකයෙකි.

ඔහු සිය ගමන් මල්ලේ පාද පිරිසිදු කිරීමට යොදාගන්නා බ්‍රෂ් 114 ක් තුළ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 759 ක්, සූක්ෂම ලෙස සගවාගෙන පැමිණ තිබේ.

මොහු මෙම මත්ද්‍රව්‍ය තොගය රැගෙන කොලොම්බියාවෙන් ගමන් ආරම්භ කර, කටාර් රාජ්‍යයේ දෝහා වෙත පැමිණ ඇත.

ඉන්පසුව ඔහු එතැන් සිට අද අලුයම 02.40 කටාර් ගුවන් සේවයේ කිව්.ආර්-662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

අත්අඩංගුවට ගත් මෙම බොස්නියා ජාතිකයා සමග ඔහු විසින් රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබේ.

42.31%
17.27%
32.76%