Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දඹුල්ල, සීගිරිය සහ හබරණ ප්‍රදේශවල ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන්ගේ සංගම් සාමාජිකයින් විරෝධතාවක් ආරම්භ කර තිබිණි.
ඒ, සංචාරකයකු ප්‍රවාහනය කරමින් සිටි මෝටර් රථ රියදුරෙකට පහරදීම සහ රන් මාලයක් කොල්ලකෑමේ චෝදනා මත ත්‍රිරෝද රථ රියදුරන් 6 දෙනකු අත්අඩංගුවට ගැනීමට එරෙහිවය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
විරෝධතාකරුවන් පවසන්නේ, සිද්ධියේ පැමිණිලිකරු ජාතික ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් තඹුත්තේගම ප්‍රාදේශීය සභාවෙන් ඡන්දයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදී තිබෙන හිටපු යුද හමුදා සෙබළකු බවයි.
එම හිටපු යුද හමුදා සෙබළා ඔහුගේ මෝටර් රථයෙන් සංචාරකයකු රැගෙන යමින් සිටියදී දඹුල්ල නගරයේ සිටින ත්‍රිරෝද රථ රියදුරන් සමඟ දින දෙකක් ගැටුම් ඇතිකරගෙන ඇතැයි විරෝධාතාකරුවෝ පවසති.
එහිදී ඔහු තමන් ආණ්ඩුවේ ආධාරකරුවකු බව පවසමින් නොසන්සුන්කාරී ලෙස හැසිරුණු බව ද ඔවුහු පැවසූහ.
එමෙන්ම විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ, පසුව තමාට පහර දී රන් මාලයක් කොල්ල කෑ බවට එම හිටපු යුද හමුදා සෙබළා පොලිස්පතිවරයාට අසත්‍ය පැමිණිල්ලක් කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි.
දඹුල්ල නගරයේ කුලී රථ සේවා පවත්වාගෙන යෑමට වෙනත් ප්‍රදේශවල පුද්ගලයන්ට ඉඩදීමෙන් ප්‍රදේශයේ ත්‍රිරෝද රථ ක්‍රියාකරුවන් සියගණනකගේ ජීවනෝපාය අහිමි වන බව ද විරෝධතාකරුවෝ පවසති.
ජාතික ජනබලවේගය යටතේ පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කළ පුද්ගලයකු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයකින් තොරව උසස් පොලිස් නිලධාරීන්ගේ ද උසිගැන්වීම මත ත්‍රිරෝද රථ රියැදුරන් හයදෙනකු පොලිසිය විසින් අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගත් බවට ද විරෝධතාකරුවෝ චෝදනා කරති.
රජය මේ ආකාරයෙන් තම ආධාරකරුවන්ට දේශපාලන අනුග්‍රහය ලබාදීම සහ දේශපාලන ඇඟිලි ගැසීම් සිදුකිරීම කිසිසේත් අපේක්ෂා නොකරන බව ද ඔවුහු පැවසූහ.
ඔවුන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටියේ CCTV දත්ත පදනම් කරගෙන විධිමත් පරීක්ෂණ පවත්වා සාධාරණය ඉටුකරන ලෙසයි.
විරෝධතාව හේතුවෙන් දඹුල්ල නගරයේ ආරක්ෂාව තර කිරීම සඳහා දඹුල්ල පොලිසිය විසින් පොලිස් භටපිරිසක් යොදවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart