Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වර්තමානයේ පවතින්නේ සන්ධාන රජයක් නොවන බැවින් අභ්‍යන්තර ප්‍රශ්න අභ්‍යන්තරව විසඳා ගතයුතු බවත් එසේ නොවී එම ගැටලු මාධ්‍ය ඉදිරියට ගෙන ඒම සමස්තයක් ලෙස රජයට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය කරන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ හිටපු ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ පවසයි.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ආණ්ඩුව බලයට පත්කිරීමට රාජ්‍ය සේවකයා විශාල ලෙස දායක වී ඇති බැවින් සුළුතරයකගේ වැරදි සම්බන්ධයෙන් සමස්ත රාජ්‍ය සේවය විවේචනය කිරීම නුසුදුසු බවයි.
සිය සටහන මගින් ඇමැතිවරුන් කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ද අදහස් ප්‍රකාශ කර ඇත.
ඔහුගේ සම්පූර්ණ සටහන් පහතින්.
හඳුන්නෙත්ති ඇමැති සහෝදරයා වෙතයැ..
කර්මාන්ත අමාත්‍යාංශයේ යෝජනාවකට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අවශ්‍ය සහාය ලබා නොදෙන බවට කරන ලද ප්‍රකාශයක් මාධ්‍ය හරහා ප්‍රචාරය විය.
ආංශික අවශ්‍යතා රජයේ පොදු ප්‍රතිපත්ති රාමුවට අනුකූල නම් ඒ පිළිබඳ අමාත්‍යාංශ දෙකේ නිලධාරීන් කතාබහ කොට අවබෝධාත්මක එකඟතාවකට ආ යුතුය.
සියලු ලේකම්වරුන් ජනාධිපතිතුමන් පත්කළ ද මුදල් අමාත්‍යාංශයේ සියලු දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඔබතුමන් ඇතුළු ඇමැති මණ්ඩලය පත්කරන ලද අය බැවින් ඒ පිළිබඳ අපිට කළ හැකි දෙයක් නැත.
අනික දැන් තියෙන්නෙ සන්ධාන රජයක් නොවන බැවින් මුදල් ඇමැතිවරයා සමග දුරස්ථ සම්බන්ධයක් තිබිය නොහැකිය.
එබැවින් ගේ ඇතුළෙ දේවල් ඇමැතිවරු දෙපළට කතාකොට විසඳගැනීම හෝ ඇමැති මණ්ඩලය වෙත කරුණු දක්වා විසඳා ගැනීම මිස මාධ්‍ය ඉදිරියේ කතා කිරීමෙන් සිදුවෙන්නෙ සමස්තයක් ලෙස රජයට අවාසිදායක තත්ත්වයක් නිර්මාණය වීම හා අනවබෝධය ප්‍රදර්ශනය වීම පමණි.
ලාල්කාන්ත ඇමැති සහෝදරයා වෙතයැ..
මෙයට පෙරත් ඇමැති තනතුරු හොබවා ඇති බැවින් රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් වඩා වැඩි අවබෝධයක් ඇතැයි සිතමි.
එසේම සමන්ත විද්‍යාරත්න ඇමැතිවරයාට එසේ ඇත්දැකීම් ඇතැයි සිතමි.
මේ අය දැන් අමාත්‍යාංශ රැස්වීම්වල සුපුරුදු තේමාවක් වාදනය කරන බැව් අසන්නට ලැබේ.
එනම් මීළඟ අරගලය රාජ්‍ය නිලධාරීන්ට එරෙහිවයි. මීළඟ ජන සුනාමිය රාජ්‍ය නිලධාරීන් වෙතටයි ආදී වශයෙන් ප්‍රකාශ කිරීම් අවස්ථා කීපයකදීම අසන්නට ලැබිණි.
රාජ්‍ය නිලධාරීන් පිළිබඳ ජනාධිපතිතුමන් ඡන්දයට කලින් ප්‍රකාශ කළ දෙය නිවැරදි බැව් බහුතරයක් දෙනා පිළිගනිති.
එනම් රාජ්‍ය නිලධාරීන් ගෙන් සුළු පිරිසක් දූෂිත හා අකාර්යක්ෂම බවයි.
ඉහත කිව් පරිදිම රජය මෙහෙයවීමේ ප්‍රධානතම යාන්ත්‍රණය වන ජනාධිපති ලේකම් ,අගමැති ලේකම් , අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කරන්නෙ ජනාධිපතිවරයා විසිනි.
දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා දිස්ත්‍රික් ලේකම්වරුන් පත් කරන්නෙ ඇමැති මණ්ඩලය විසිනි.
රජයේ නිලධාරීන් හෝ වෙනත් ඕනෙම කෙනෙක් ඒවාට පත්කර ගැනීමට බාධාවක් නැත.
ජනාධිපති කාර්යාලයේ සෙසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ජනාධිපතිතුමාගේ එකඟත්වයෙන් ද අගමැති කාර්යාලයේ ජෙයෂ්ඨ නිලධාරීන් අගමැතිවරියගේ එකඟත්වයෙන්ද පත්කර ගනී.
මෙම විධායකය සම්පූර්ණයෙන්ම පත්කරගැනීමට රාජ්‍ය සේවා කොමිසමේ හෝ වෙනත් නීතිමය බාධාවක් නැති බැවින් දක්ෂ පක්ෂ නිලධාරීන් හෝ පක්ෂ දක්ෂ නිලධාරීන් හෝ පත්කරගැනීම ආණ්ඩුවේ වගකීම වේ.
රාජ්‍ය සේවයේ, හමුදා සේවාවල හා අර්ධ රාජ්‍ය සේවා ගත්විට ලක්ෂ විස්සක පමණ බල ඇණියක් සිටින අතර එයින් 80/100ක් පමණ පැවැති ක්‍රමය වෙනස් කොට අලුත් පාලන ක්‍රමයක් සඳහා මෙම ආණ්ඩුව පත්කරගැනීමට දායක විය.
එක් රාජ්‍ය සේවකයකුට තම නිවසේ ඡන්ද හතරකට පමණ බලපෑමක් කළ හැකිබැවින් අඩුම තරමින් මතවාදීව ඉතා පහසුවෙන් ලක්ෂ හැටකට පමණ සන්නිවේදනය කිරීමට රාජ්‍ය සේවකයන්ට හැකියාව පවතී.
ඇත්තටම බහුතර රාජ්‍ය සේවකයන්ට වැඩ හදාගෙන වැඩ කරන්න හැකියාවක් නැත.
කාර්ය භාරය පැවැරිය යුතුය.
මැතිවරණයකදී එක් එක් රාජ්‍ය සේවකයන්ට වගකීම් හා කාර්ය භාරය පැවැරූ විට අමෙරිකාවටත් වඩා කලින් අතින් ඡන්දය ගණන්කොට ප්‍රතිඵල දීමට ඔවුන් සමත්වන්නේ ඒ නිසාය.
වැඩ හදාදිය යුත්තේ ආණ්ඩුවයි.
ආණ්ඩුවේ වැඩ තුනක් ප්‍රධානය.
දිළිඳුකම පිටුදැකීම
ඩිජිටල්කරණය
පිරිසිදු ශ්‍රී ලංකා වැඩසටහන
දැන් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ආයතන, දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය ලේකම් හා පළාත් පාලන ආයතන නිලධාරීන්, ග්‍රාමීය මට්ටමේ නිලධාරීන්, ප්‍රජා සංවිධාන, ත්‍රීවීල් සංගම්, මගී සංගම්, ආගමික සංවිධාන හා ස්වේච්ඡා සංවිධාන හා මහජනතාවට මේ වැඩසටහන් තුනට සම්බන්ධ විය හැකි ආකාරය, ක්‍රියාව හා ක්‍රමවේදය හඳුන්වා දියයුතුය.
එවැන්නක් කෙරෙනතුරු රාජ්‍ය නිලධාරීන්ට අලුත් භූමිකාවක් නැත.
භූමිකාව නිර්මාණය කළ යුත්තේ විධායකය විසිනි. විධායකය යනු ජනාධිපතිවරයා ප්රමුඛ ඇමැති මණ්ඩලය හා ඔවුන් පත්කරන ඉහළ නිලධාරීන් සමූහය වේ. එසේ නැත්නම් ඔවුන්ට කොහොමත් කරන්න වෙන්නෙ භාණ්ඩාගාර ප්‍රතිපාදනවලට සීමා වූ වැඩ කොටසක්ය.
සම්ප්‍රදායික රාජකාරි කොටසය.
ගොවීන්ට පොහොර සහනාධාර මුදල් බෙදීමට නිලධාරීන්ගේ ක්‍රමවේද නිසා ප්‍රමාදයක් ඇතිවන බැව් එක් නියෝජ්‍ය ඇමැතිවරයෙක් ප්‍රකාශ කරනු දක්නට ලැබීණි.
සල්ලි තියෙනවා නම් පැය 48ක් ඇතුළත සියලුම ගොවීන්ට මුදල් ගෙවීමට රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් බැව් නියෝජ්‍ය ඇමැති සහෝදරයා දැනගැනීම වටී.
– එනිසා රාජ්‍ය බුද්ධි සේවාව මඟින් අඩුම ගානේ කාර්යාල දුම්රියේ ගමන් ගතහොත් ආණ්ඩුකරණය පිළිබඳ රාජ්‍ය සේවකයාගේ අදහස දැනගැනීමට හැකිය. මන්ද මධ්‍යම පාන්තික ජනකොටස් වෙත සෘජු සනිවේදන හැකියාවක් ඔවුන්ට පවතින අතරම ඉක්මනින්ම ආණ්ඩුකරණයේ ගඳ සුවඳ දැනෙන්නේ ඔවුන්ට බැවිනි.
– එබැවින් ඇමැතිවරුන්ට හෝ නියෝජ්‍ය ඇමැතිවරුන්ට ලැබෙන එක් අත්දැකීමක් හෝ සිද්ධියක් සාමාන්‍යකරණය කොට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් සමස්තයක් ලෙස අදහස් දැක්වීම සුදුසු නොවේ.එසේ කිරීමෙන් සිදුවන්නේ ආණ්ඩුවට සිස්ටම් එක වෙනස්කිරීමට ඡන්දය දුන් හා ඒ සඳහා පැවරෙන ඕනෑම කාර්යයක් ඉටුකිරීමට කැමති බහුතරයක් වූ රාජ්‍ය සේවකයන්ගේ අභිප්‍රේරණය බිඳ වැට්ටවීමකි.
– මේ ආර්ථික අර්බුදය කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් IMF එක සමග කටයුතු කළ ආකාරය හා අන්තර්ජාතික ප්‍රජාව සමග මේ දක්වා ගනුදෙනු කරමින් තිබෙන ආකාරය ප්රශස්ත බැව් නිර්ලෝභීව ප්‍රකාශ කළ යුතුය.
ඉදිරි වසර තුන අතුරේ ගමන් කරනවාටත් වඩා සීරුමාරුවෙන් ගමන් කළ යුතු අතර එය ජනාධිපතිතුමන් වටහාගෙන තිබීම සතුටකි.
ඒ බැව් ඉහත කී සමස්ත විධායකයම අවබෝධ කරගැනීම හා මේ ගතකරන්නේ ජනප්‍රිය තීරණ ගත නොහැකි අසීරු වකවානුවක් බැව් වරින්වර මහජනතාව වෙත සන්නිවේදනය කිරීමද ආණ්ඩුවේ වගකීමකි.
එසේම නිදහස් වෙළෙඳපළ ක්‍රියාකාරීත්වයට අතගැසීමේදී ඇතිවන සාර්ව ආර්ථික ප්‍රතිවිපාක සම්බන්ධ මීට වඩා අවබෝධයෙන් ක්‍රියාකළ යුතුව ඇත.
(ප්‍රියන්ත මායාදුන්නෙ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart