January 1, 2025

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතිකයකු වන රනිල් මැල්කම් ජයවර්ධනට චාල්ස් රජු විසින් නයිට් පදවියක් පිරිනමා තිබේ.

38 හැවිරිදි රනිල් මැල්කම් ජයවර්ධන එරට රාජ්‍ය සේවයට සහ දේශපාලනයට කළ සේවාව වෙනුවෙන් එම නයිට් පදවිය ඔහුට පිරිනමා ඇත.

ඒ අනුව මින් ඉදිරියට ඔහු හඳුන්වනු ලබන්නේ ශ්‍රීමත් රනිල් මැල්කම් ජයවර්ධන ලෙසිනි.

ශ්‍රීමත් රනිල් මැල්කම් ජයවර්ධන කොන්සර්වටිව් පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ද වේ.

ඔහු 2015 සිට 2024 වසර දක්වා නියෝජනය කළේ බ්‍රිතාන්‍යයේ ඊසානදිග හැම්ප්ෂයර් ප්‍රාන්තයයි.

රාජ්‍ය සේවය සෑම විටම තමාට සහ තම පවුලට වැදගත් වූ බව ශ්‍රීමත් රනිල් මැල්කම් ජයවර්ධන ප්‍රකාශ කරයි.

එය ජනතාවට සහ රටට සේවය කිරීමට අවස්ථාවක් බවද ඔහු සඳහන් කරයි.

 

 

42.31%
17.27%
32.76%