December 30, 2024

චීනය සිය නවතම අධිවේගී දුම්රිය වන CR450 එළිදක්වා ඇති අතර එය පැයට කිලෝමීටර 450 පරීක්ෂණ වේගයක් ලබාගෙන ලොව වේගවත්ම දුම්රිය බවට පත්ව තිබේ.

පැයට කිලෝමීටර 350ක වේගයෙන් ක්‍රියාත්මක වන වත්මන් CR400 Fuxing දුම්රිය අභිබවා යමින් CR450 දුම්රිය තාක්‍ෂණයේ සැළකිව යුතු පිම්මක් සනිටුහන් කර ඇත.

එරට රාජ්‍ය මාධ්‍යවලට අනුව, 2021 දී ආරම්භ කරන ලද CR450 ව්‍යාපෘතිය, ආරක්ෂාව, බලශක්ති කාර්යක්ෂමතාව සහ මගීන්ගේ සුවපහසුව කෙරෙහි අවධානය යොමු කර තිබේ.

පෙර නොවූ විරූ වේගයකින් ස්ථාවරත්වය සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා ප්‍රශස්ත තිරිංග පද්ධතියක් සමඟින් බලශක්ති පරිභෝජනය සියයට 20කට වඩා අඩු කරන විධිමත් සැලසුමක් මෙම දුම්රියේ ඇත.

කාබන් ෆයිබර් වැනි උසස් ද්‍රව්‍ය භාවිතය දුම්රියේ බර අඩු කර බලශක්ති කාර්යක්ෂමතාව සහ තිරසාර බව වැඩි කර ඇත.

ලොව විශාලතම අධිවේගී දුම්රිය ජාලය ලෙස කිලෝමීටර 47,000ක් පුරා විහිදෙන චීන දුම්රිය මාර්ග පද්ධතිය ඔස්සේ සංචාරක කාලය වඩාත් කෙටි කිරීම සඳහා චීනය සිය විශේෂඥතාව උපයෝගී කර ගෙන බීජිං-ෂැංහයි ගමන පැය 4.5 සිට CR450 සමඟින් පැය තුනකට වඩා අඩු කර ඇත.

එම දුම්රිය වාණිජ වශයෙන් දියත් කිරීමේ දිනය තහවුරු කර නොමැති වුවද ලබන වසරේ මුල් භාගයේ සිට දියත් කළ හැකි බවට ඉඟි පළකර ඇත.

 

42.31%
17.27%
32.76%