Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කීර්තිනාමයට අපහාස වන අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන හඬපටයක් සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරිකයකු වන නාමල් කුමාර විසින් පසුගියදා ගොනුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස කොළඹ අගරදගුරු පදවිය ඉල්ලා සිටියි.
ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ අගරදගුරු පදවියේ මාධ්‍ය අධ්යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා කියාසිටියේ, නාමල් කුමාර නමැත්තා පාස්කු ඉරුදින සමූලඝාතනවලට අනුබල දෙන්නෙකු බවත්, තුන්වන පාර්ශවයක ඉල්ලීම මත කුමාර තවත් දර්ශනයක් සැලසුම් කරන බවත්ය.
කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කීර්තිනාමය අපකීර්තියට පත්කරන හඬ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන බව පවසමින් නාමල් කුමාර ජනාධිපති ලේකම් කාර්යාලයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) දෙසැම්බර් 24 වැනිදා පැමිණිල්ලක් ගොනුකළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් ප්‍රකාශ කළේ “සමස්ත කතෝලික ප්‍රජාව වෙනුවෙන් නාමල් කුමාර විසින් කාදිනල් හිමිපාණන්ට එරෙහිව ගොනුකර ඇති මෙම පැමිණිල්ල මම තරයේ හෙළාදකිනවා. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබූ මෙම හඬපටය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකගේ බවට විශ්වාස කරනවා.
මෙය නාමල් කුමාරගේ චේතනාවෙන් හෝ තුන්වන පාර්ශ්වයක ඉල්ලීමක් මත කාදිනල්තුමාගේ කීර්තිනාමය කෙලෙසීමට හිතාමතා කළ උත්සාහයක් බව අපි සිතනවා. සහරාන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනය කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කිසියම් අභූත චෝදනාවක් මත හදිසියේම සිරගත කරනු ලැබුවා. පාස්කු ඉරිදා මාරාන්තික බෝම්බ ප්රහාරයන්ට මෙය හේතුවුණා. ඒ අනුව නාලක සිල්වා අත්අඩංගුවට ගෙන ඇත්තේ මෙම පාස්කු ඉරිදා දිවයිනේ ප්‍රදේශයන්හි බෝම්බ ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම සඳහා බව පැහැදිලියි. මෙම මෙහෙයුමේ ප්‍රධාන නායකයා වන්නේ නාමල් කුමාරයි. මේ සියල්ල සැලකිල්ලට ගත් විට පෙනෙන්නේ නාමල් කුමාර වෙනත් දර්ශනයක් සැලසුම් කිරීමට යමෙකුට අනුබල දෙන බවයි. අපි මේවා සලකන්නේ රාජපක්ෂ පවුලේ සමහර වැඩ හැටියටයි.” යනුවෙන් පියතුමෝ පැවසූහ.
එබැවින් නාමල් කුමාර නගන මෙම චෝදනා අතිඋතුම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ කීර්තිනාමයට හානි කර ඇති බැවින්, විමර්ශනයක් ආරම්භ කර යුක්තිය ඉටු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart