December 28, 2024

කලක් මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කළ, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්. එම්. රංජිත් ඇතුළු පිරිසක් සර්වජන බලය පක්ෂය සමග එක්ව තිබේ.

මෙම පිරිස සර්වජන බලය පක්ෂයට බඳවා ගැනීම ඊයේ එම පක්ෂයේ මුලස්ථානයේදී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

එස්.එම්.රංජිත්ට අමතරව උතුරු මැද පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු පිරිසක් මෙන්ම හිටපු අමාත්‍ය විමලවීර දිසානායකගේ පුත් අංජන දිසානායක ඇතුළු අම්පාර දිස්ත්‍රික් නියෝජනය කරන ප්‍රදේශීය දේශපාලන නියෝජිතයින් පිරිසක් ද මෙලෙස සර්වජන බලයට එක්වූහ.

මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයකු සහ හිටපු ඇමතිවරයකු වූ එස්.එම්. චන්ද්‍රසේනද සර්වජන බලය පක්ෂය සමග එක්විය.

42.31%
17.27%
32.76%