December 27, 2024

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සඳහා විශේෂ වැඩසටහනක් හඳුන්වාදෙන බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය නිවේදනය කරයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න ඩේලි මිරර් වෙත පවසා ඇත්තේ, වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ත් 1.5% ත් අතර ප්‍රමාණයක් මුදල් නෝට්ටු සම්බන්ධ ගනුදෙනු සඳහා වැයකරන බවයි.

මුදල් භාවිත කරමින් සිදුකරන ගෙවීම් වංචා සහ දූෂණ වැඩි වීමට මෙන්ම ගෙවීම් ක්‍රියාවලියේ අකාර්යක්ෂමතාවයට හේතුවන බව ඔහු අවධාරණය කර ඇත.

මෙම වැඩසටහනේ කොටසක් ලෙස රාජ්‍ය ආයතන වෙත සිදුකරන සියලුම ගෙවීම් ඩිජිටල්කරණය කිරීමට රජය සැලසුම් කර ඇති බව අමාත්‍ය වීරරත්න පවසයි.

මෙම සංක්‍රාන්තිය පහසු කිරීම සඳහා ‘GovPay’ ජංගම යෙදුම හඳුන්වා දී ඇති බවත්, රාජ්‍ය ආයතන 16ක් දැනටමත් එම වේදිකාවට ඒකාබද්ධ කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැහැදිලි කරයි.

අනෙකුත් ආයතන ජනවාරි මාසයේ සිට මෙම වැඩසටහනට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වේ.

මෙම මුලපිරීම රජයේ ගෙවීම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කිරීම, රාජ්‍ය සේවාවන් හරහා කාර්යක්ෂමතාව වැඩි කිරීම අරමුණු කරයි.

ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම තුළින් මිනිස් ශ්‍රමය අවම කිරීමටත්, අක්‍රමිකතා සහ දූෂණ පිටුදැකීමටත්, මහජනතාවට වඩාත් පහසු සේවා සැලසීමටත් හැකිවන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%