Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හබරණ – ත්රිකුණාමලය ප්රධාන මාර්ගයේ හබරණ ප්රදේශයේදී ටිපර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පොලිස් නිලධාරියකු මියගොස් මාස 04 ක් වයසැති බිළිඳකු ඇතුළු සිව්දෙනෙකු තුවාල ලබා තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේ පොලිස් නිලධාරීන් පිරිසක් ගල්ඔය පොලිස් මුරපොළ අසල සිට රාත්රියේ මාර්ගය ඔස්සේ ධාවනය කෙරෙන රථවාහන පරීක්ෂා කිරීමේ රාජකාරියේ නිරතව සිට ඇති බව පොලිසිය පවසයි.
එහිදී ටිපර් රථයක් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යටකර, එක් නිලධාරියකු ඉන් ඇදගෙන ගොස් ඇති අතර, එහිදී රියදුරුට වාහනය පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා එය මෝටර් රථයක සහ ලොරියක ගැටී තිබේ.
අනතුරින් අදාළ පොලිස් නිලධාරියා බරපතළ තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.
අනතුරට ලක්වූ අනෙක් පොලිස් නිලධාරියා මෙන්ම මෝටර් රථයේ ගමන් ගත් කාන්තාවක් සහ මාස 04ක ළදරුවෙකු හා ලොරි රථයේ රියදුරු සුළු තුවාල ලබා ඇත .
හබරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් දඹුල්ල රෝහලට මාරුකර යවා තිබේ.
මියගිය පොලිස් නිලධාරියා හබරණ පොලිස් ස්ථානයට අනුයුක්තව ගල්ඔය මුරපොලේ රාජකාරියේ යෙදී සිටි 56 හැවිරිදි කනතලේ ප්රදේශයේ පදිංචිකරුවෙක් බව පොලීසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇතිමලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart