December 26, 2024

ගෙළ ප්‍රදේශයේ ලී දණ්ඩක් ඇනී අසාධ්‍ය තත්වයෙන් පසුවූ පුද්ගලයකුට සාර්ථකව සැත්කමක් සිදුකර එම ලී දණ්ඩ ඉවත් කළ පුවතක් වවුනියාව රෝහලින් වාර්තා වේ.

කුඹුරක වැඩ කරමින් සිටියදී හදිසියේ ඇදවැටී ඇති අදාළ පුද්ගලයාගේ ගෙළේ ලී දණ්ඩ ඇනී ඇති අතර, ඔහුව ඊයේ (25) වහාම රෝහලට ඇතුළත් කර ඇත.

ශල්‍ය වෛද්‍ය රජීව් නිර්මලසිංහම් සහ නිර්වින්දන වෛද්‍ය නාගේස්වරන් ප්‍රමුඛ වෛද්‍යවරුන් සහ හෙදියන් කණ්ඩායමක් විසින් මෙම සැත්කම සිදුකර රෝගියාගේ ජීවිතය බේරාගෙන තිබේ.

රෝගියා දැනට ස්ථාවර තත්ත්වයේ පසුවන බව රෝහල් වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%