December 25, 2024

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යොදවා තිබූ හමුදා ආරක්ෂාව ඉවත් කිරීමට එරෙහිව අධිකරණය හමුවට යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

අද පැවැති ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් පොදුජන පෙරමුණේ විධායක සභික නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මේ බව ප්‍රකාශ කළේය.

අධික ලෙස වැය බරක් දැරීමට සිදුවන බව පවසා මෙලෙස හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩුකිරීම පිළිගත නොහැකි බව ඔහු එහිදී සඳහන් කළේය.

මේ අතර එම පක්ෂයේ සාමාජික නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කර තිබුණේ හිටපු ජනාධිපතිවරයාට ISIS සහ LTTE සංවිධානවලින් තවමත් මරණ තර්ජන පවතින බවයි.

42.31%
17.27%
32.76%