Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2023 වර්ෂයේ සේවක වැටුප් හා අනෙකුත් දීමනා වලට අමතරව අතිකාල හා නිවාඩු දින දීමනා වෙනුවෙන් පමණක් රුපියල් රුපියල් ලක්ෂ 9820ක් වැයකර තිබෙන බවත්, එම මුදල 2022 වර්ෂයට සාපේක්ෂව රුපියල් ලක්ෂ 1060 ක වැඩිවීමක් බවත් ජාතික විගණන මහලේකම් කාර්යාලය සිදුකරන ලද විගණන පරීක්ෂණයකදී තහවුරු වී තිබේ.
මහාභාණ්ඩාගාරය 2023 ජනවාරි 27 දිනැති 01/2023 අයවැය චක්‍රලේඛය මගින් අතිකාල දැඩි ලෙස පාලනය කර තිබූ තත්ත්වයක් තුළ මෙතරම් මුදල් ප්‍රමාණයක් අතිකාල සදහා වැයකර තිබූ බවද විගණන වාර්තාව මගින් පෙන්වා දී ඇත.
වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාස පරිශ්‍රයන් තුළ 2023 වර්ෂයේ සේවයේ යෙදවීම වෙනුවෙන් පමණක් බන්ධනාගාර නිලධාරීන් මිනිස් දින 234 ක් වැයකර තිබූ බවද එම විගණන වාර්තාවේ සදහන්ය.
2023 වර්ෂයේදී සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ගේ නිවාස පරිශ්‍රයන් තුළ සේවයේ යෙදවීමේ අවස්ථා 233ක් වාර්තා වූ බවද, ඒ සදහා සිරකරුවන් රැගෙන යෑමට අවස්ථා 62කදී බන්ධනාගාර මූලස්ථානයේ සංචිත වාහන 09ක් කිලෝ මීටර් 372ක් ධාවනය කර තිබූ බවද එම විගණන වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනත අනුව ජාතික විගණන මහලේකම් කාර්යාලය ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ කටයුතු සම්බන්ධයෙන් සිදුකරන ලද විගණනයට අදාළ විගණන මූල්‍ය ප්‍රකාශනයේ මේ බව සදහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart