Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර ප්රකාශ කළ පරිදි ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් ජනාධිපති අරමුදලින් ආධාර ඉල්ලා සිටියේ දැයි යන්න පිළිබඳ ඉතිරි ලැයිස්තුව නිකුත් කළ පසු ජනතාවට දැනගත හැකි වනු ඇති බව කැබිනට් ප්රකාශක ඇමැති නලින්ද ජයතිස්ස ප්රකාශ කළේය.
2005 වසරේ සිට 2024 වසර දක්වා ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් මන්ත්රීවරුන්ගේ නාම ලේඛනය තමන් විසින් නිකුත් කළ බවත් ඉතිරි නම් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ඇමැතිවරයා පැවසීය.
“සමහර ප්රාදේශීය සභා මන්ත්රීවරු, ප්රාදේශීය සභා සභාපතිවරු, පළාත් සභා මන්ත්රීවරු, පළාත් සභා ඇමැතිවරුත් මේ අරමුදලින් මුදල් ලබාගෙන තිබුණා. මම ළඟදීම එම ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා,” යැයි ඔහු පැවසීය.
ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රීවරුන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ජයසේකර මන්ත්රීවරයාගේ චෝදනාව සම්බන්ධයෙන් නැගූ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඇමැතිවරයා කියා සිටියේ “ඉතිරි ලැයිස්තුව නිකුත් කළාම ඒක ඔයාලට දැනගන්න පුළුවන්” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart