Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කථානායකවරයාගේ ඉල්ලා අස්වීමේ සන්දර්භය තුළ, වගකිවයුතු ආණ්ඩුවක් සඳහා වූ ජනවරම විනාශවීමට රජය ඉඩ නොදෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රකාශය අනුව පෙනීයන්නේ, ජාතික ජන බලවේගය බලයට ගෙන ආ මැතිවරණ සමයේදී දුන් පොරොන්දු අනුව කටයුතු කෙරෙමින් තිබෙන බවයි. මහජන විශ්වාසය රැකීමට තම කැපවීම යළිත් තහවුරු කළ ජනාධිපතිවරයා, ඕනෑම වරදකට එරෙහිව තම පාලනය තීරණාත්මක පියවර ගන්නා බව ප්‍රකාශ කළේය. තරාතිරම නොබලා, ජනතා වරම තහවුරු කිරීමට සහ සෑම තරාතිරමකම වගවීම සහතික කිරීමටත් ක්‍රියාත්මක රජයේ මෙහෙවර ඔහු අවධාරණය කළේය. ජනතාව අතර තම සහයෝගයේ පදනම රඳවාගැනීමට උපකාරී වන දූෂණ විරෝධී න්යායපත්රය රජය ක්‍රියාත්මක කරන බවට මෙය ඉඟියකි. දූෂණයේ යෙදී ඇති බව ඔප්පු කළ හැකි නම්, නැවත බලයට පැමිණීම සඳහා ඕනෑම මට්ටමකින් කටයුතු කරන දේශපාලන ප්‍රතිවාදීන් නීත්‍යානුකූලව උදාසීන කිරීමට හෝ අකර්මණ්‍ය කිරීමට ද එය අවස්ථාව ලබාදෙනු ඇත.
දූෂණය පිළිබඳ ප්‍රශ්නයට මුහුණදීම වෙනත් ක්‍රමවලින් ද රජයට වාසිදායක වනු ඇත. එය රට තුළ ව්‍යාපාර සඳහා පවතින වාතාවරණය වැඩිදියුණු කරනු ඇති අතර, එමඟින් පසුගිය අනුප්‍රාප්තික ආණ්ඩු ලබාදෙන බදු සහන ඇතුළු ආකර්ෂණයන් පිළිනොගත් විදේශීය ආයෝජකයන් සඳහා ශ්‍රී ලංකාව වඩාත් ආකර්ශනීය ස්ථානයක් වනු ඇත. ලොව පුරා හඳුනාගත් පුද්ගලයන් 14 දෙනකුට සම්බාධක පැනවීමට එක්සත් ජනපද රජය මෑතකදී තීරණය කෙරුණු අතර, ඉන් දෙදෙනකු දූෂිත රජයේ ගනුදෙනුවලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් වේ. එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ නායකත්වයට විරුද්ධ නොවන බවත්, ඒ වෙනුවට යුක්තිය සහ විනිවිදභාවය පිළිබඳ විශ්වීය මූලධර්ම ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත් ඇඟවුම් කරමින්, සම්බාධක ශ්‍රී ලංකා රජය පනවනවා වෙනුවට, වඩාත් නිශ්චිත පුද්ගලයන් ඉලක්ක කර තිබේ. දූෂණයට සම්බන්ධ මෙම පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාකිරීම මගින් එක්සත් ජනපදය වක්‍රව තම ආයතන පිරිසිදු කිරීමට ආණ්ඩුව ලද වරම ශක්තිමත් කරයි.
ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාවේ මෑත කාලීන තත්වය (ලෝක බැංකුව වාර්තාව අත්හිටුවීමට පෙර 2020 දී එහි අවසන් ප්රකාශනය නිකුත් කෙරෙන විට) වන්නේ, ආර්ථිකයන් 190 කින් ශ්‍රී ලංකාව 99 වැනි ස්ථානයට පත්ව සිටීමය. එහිදී ඉස්මතු කෙරුණු කරුණු අතර, රාජ්‍ය පරිපාලන සහ නියාමන ආයතන දෙකෙහිම පැතිරී ඇති දූෂණය, දේශීය හා විදේශීය ආයෝජකයන් අධෛර්යමත් කරමින් නිල නොවන ගෙවීම් ප්‍රමාද කිරීමට සහ ඉල්ලීම් පැවැති බව දැකගත හැකිවිය. ඩිජිටල්කරණය සහ එක් මධ්‍යස්ථානයක සේවා හරහා ක්‍රියාවලීන් විධිමත් කිරීමට උත්සාහ කළද, දූෂණය බොහෝ විට තුරන්කිරීමට අසීරු, වඩා සංකීර්ණ ආකෘති වෙත මාරු වේ. සමාජය පුරා පැතිරී ඇති පද්ධතිමය දූෂණයෙන් මිදීමට, හිටපු ආණ්ඩුවේ දූෂිත නායකයන් සම්බන්ධයෙන් පියවර ගැනීමට සහ වේගවත් ආර්ථික සංවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගනිමින් ආයෝජන වාතාවරණය වැඩිදියුණු කිරීමට රජයට සහාය වීමට අන්තර්ජාතික ප්‍රජාව කැමැත්තෙන් සිටින බව පෙනේ.
නම්‍යශීලී ප්‍රතිපත්තිය
ජනාධිපතිවරණයට පෙර, විවේචකයන් තර්ක කළේ, අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමට ජාතික ජන බලවේගය දක්වන විරුද්ධත්වය හේතුවෙන් රට තවත් ආර්ථික කඩාවැටීමකට ඇදදැමීමේ අවදානමක් ඇති බවයි. රුපියල අවප්‍රමාණ වීම, ඉන්ධන හිඟය සහ 2020-2022 අර්බුදය තුළ දක්නට ලැබුණු දරුණු තත්ත්වයන් නැවත ඇතිවීම කෙරෙහි එහිදී අවධානය යොමුවිය. ආර්ථික හේතූන් මත පාලක ජාතික ජන බලවේගයට එරෙහිව දැවැන්ත දේශපාලන ව්‍යාපාරයක් පැවැතිණි. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීමෙන් ජාතික ජන බලවේගයේ පැරණි මාක්ස්වාදීන් රට තවත් ආර්ථික කඩාවැටීමකට ගෙනයනු ඇති බවට ප්රචාරක ප්‍රහාරයක් එල්ල විය. එමෙන්ම ශ්‍රී ලංකා රුපියල නැවතත් පහත වැටීමකට ලක්වනු ඇති බවත්, මීට වසර තුනකට පෙර රට අත්දුටු පරිදි ඉන්ධන පිරවුම්හල්වලින් පිටත දිගු පෝලිම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නිර්මාණය වනු ඇති බවත් ඔවුහු කියාසිටියහ. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගිවිසුමට ජාතික ජන බලවේගයට සුදුසු විකල්පයක් නොමැති අතර, එය ප්‍රතික්ෂේප කිරීම ගැන ඔවුන් කල්පනා කරමින් සිටින බවත් ප්‍රකාශ විය.
ඇත්ත වශයෙන්ම, ජනාධිපතිවරණ ප්රචාරක ව්‍යාපාරය ආරම්භයේදීම, වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවන්ට සහ ජාතික අවශ්‍යතාවට අහිතකරය යන පදනම මත, හිටපු ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ සාකච්ඡා කරන ලද IMF ගිවිසුම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය (අනෙකුත් විරුද්ධ පක්ෂ සමගින්) අතිශයින් විවේචන ඉදිරිපත් කර තිබිණි. කෙසේවෙතත්, මැතිවරණයට මොහොතකට පෙර, හිටපු ජනාධිපතිවරයා යටතේ සාකච්ඡා කර ඇති පරිදි, IMF ගිවිසුමේ මූලික ව්‍යුහය පිළිගැනීමේ ස්ථාවරයකට ජාතික ජන බලවේගය සිය ස්ථාවරය වෙනස් කළේය. එහෙත්, පසුගිය ආණ්ඩුව වැඩි කලක් බලයේ සිටියේ නම් සිදුවිය හැකිව තිබූ පරිදි, රාජ්‍ය ව්‍යවසාය බොහොමයක් පෞද්ගලිකකරණය කිරීමට හෝ රාජ්‍ය අධ්‍යාපන හා සෞඛ්‍ය පද්ධති හෑල්ලුවට ලක්කිරීමට ජාතික ජන බලවේගය එකඟ වී නැත. පෞද්ගලික-රාජ්‍ය හවුල්කාරිත්වය පිළිබඳ දැන් සාකච්ඡාවක් පවතින අතර, කාලය ගත වන විට, නව පාලනය ආර්ථිකයේ ස්ථාවරත්වය පිළිබඳ විශ්වාසය දිනාගන්නා විට තවත් නව්‍යකරණයන් ඇති වීමට ඉඩ තිබේ.
පෞද්ගලික අන්තර්ජාතික බැඳුම්කර හිමියන් සමඟ රජය විසින් ඇතිකර ගත් එකඟතාවෙන් පිළිබිඹු වන්නේ IMF හා චීනය, ඉන්දියාව සහ ජපානය වැනි ණය දෙන රටවල් ඇතුළු විශාල අන්තර්ජාතික ප්‍රජාව සමඟ ගිවිසුම් මගින් සකස් කර ඇති ආර්ථික ගමන දිගටම කරගෙන යෑමට රජයේ කැපවීමයි. රජය දැන් සිය අන්තර්ජාතික බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පෞද්ගලික ණය හිමියන්ගේ සහාය ලබාගෙන ඇත. රටේ ඩොලර් බිලියන 12.6 ක ඩොලර් බැඳුම්කරවලින් සියයට 98 කට ආසන්න ප්‍රමාණයක් නියෝජනය කරන ආයෝජකයන් නව බැඳුම්කර සඳහා ඔවුන්ගේ සුරැකුම්පත් හුවමාරු කර ගැනීමට එකඟ වනු ඇතැයි අපේක්ෂා කෙරේ. පුලුල්ව පැතිරුණු මෙම සහයෝගයෙන් අදහස් වන්නේ, වසර අවසානයට පෙර ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කළ යුතු බවයි. IMF සමග ඇතිකරගත් ගිවිසුම යටතේ පෞද්ගලික ණය හිමියන් සමඟ ණය නැවත සකස් කිරීම අත්‍යවශ්‍ය පියවරක් විය. ශ්‍රී ලංකාව කුඩා ක්‍රීඩකයකු වන ආර්ථික ලෝකයක මෙය හොඳම විකල්පය බව පෙනේ.
මුදල් හිඟය
වර්තමානයේ රජයට ඇති ලොකුම ගැටලුව වන්නේ, රජයට දැරීමට සිදුවන විවිධ වියදම් පියවා ගැනීමට මුදල් නොමැතිකමයි. පසුගිය කාලයේ ඇති වූ ගංවතුර තත්ත්වය සහ හාල්, පොල් හිඟය රජය විසින් සිදුකළ දෙයක් නොවන අතර, පවතින මූල්‍යමය බාධාවන් හේතුවෙන් රජයට කළ හැකි දේ අල්ප ය. කෙසේවෙතත්, පෞද්ගලික බැඳුම්කර හිමියන්ගේ සහයෝගීතාව සුරක්ෂිත කිරීම මගින්, සංකීර්ණ සාකච්ඡා ඔස්සේ විසඳුම් සෙවීමේ හැකියාව රජය විසින් පෙන්නුම් කර ඇත. පෞද්ගලික ණයහිමියන් සමඟ සාර්ථක ලෙස සකච්ඡා පැවැත්වීම ගෝලීය ආයෝජකයන්ට ධනාත්මක සංඥාවක් වන අතර, ශ්‍රී ලංකාවේ විශ්වසනීයත්වය ශක්තිමත් කිරීම සහ අනාගත ආයෝජන ලබාගැනීම සඳහා වඩා හොඳින් එමගින් ස්ථානගත වීමට හැකියාව ලැබේ. ආණ්ඩුව සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්රකාශනයේ සහ මැතිවරණ ව්‍යාපාරයේ දී ලබාදුන් පොරොන්දු කඩකර ඇති බවට විපක්ෂයේ විවේචනයට මෙමගින් මුහුණදිය හැකිය.
ආණ්ඩුව ඉල්ලා සිටි ජනවරම පිටු 231 කින් යුත් ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු විය. කලාව හා සංස්කෘතියේ සිට ආර්ථික සංවර්ධනය සහ යහපාලනය දක්වා වූ පුළුල් විෂය මාලාවක් පිළිබඳ පොරොන්දු විශාල ප්‍රමාණයක් එහි තිබිණි. එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරය වූයේ රටේ පවතින ක්‍රමය දූෂිත නොවන ලෙස වෙනස් කිරීම සහ නීතියේ ආධිපත්‍යයට ගරු කිරීමයි. මහජන ව්‍යාපාරයේ බලය සහ වීදි විරෝධතාව හරහා එවකට සිටි ජනාධිපතිවරයා සහ රජය බලයෙන් පහකරමින් ක්‍රියාත්මක වූ, 2022 අරගලය විරෝධතා ව්‍යාපාරයේ ඉල්ලීම් වූයේද එයමය. එහිදී සිදුවූ ආර්ථිකයේ සම්පූර්ණ බිඳවැටීම වෙනස්කර ආර්ථිකය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමට ජාතික ජන බලවේගය සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රතිඥා දුන්නේය. කෙසේවෙතත් මෙය කෙටි කාලීනව දුෂ්කර වනු ඇත.
ආණ්ඩුවේ වාසනාවට, සාමාන්‍ය ජනතාව, අනෙකුත් ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ කෙරෙහි ඇති නිරපේක්ෂ කලකිරීමේ අදහස් වී ඇත්තේ, ජනතාව ඉවසීමෙන් කටයුතු කිරීමට සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීමට රජයට වැඩි කාලයක් ලබාදීමට කැමැත්තෙන් සිටීමය. පසුගිය කාලයේ කළ පව් වත්මන් ආණ්ඩුවේ කර මත තැබීමට නොහැකි බවත්, ඒවා නිවැරදි කිරීමට තවත් කාලයක් අවශ්‍ය බවත් බොහෝදෙනා පිළිගනිති. දූෂණ විරෝධීභාවයේ සහ වගවීමේ වරම පිළිපදිමින් රජය සිය විශ්වසනීයත්වය අඛණ්ඩව පවත්වාගෙන යමින් සිටී. සත්‍ය බව පෙන්විය නොහැකි විශ්වවිද්‍යාල අධ්‍යාපන සුදුසුකම් ඇතැයි කීම් හමුවේ, ආණ්ඩුව දැන් සිය සාමාජිකයන්ගෙන්ද වගවීම ඉල්ලා ඇති බව දැකගත හැකිය. රටේ තුන්වැනි පුරවසියා වූ පාර්ලිමේන්තුවේ කථානායකවරයා තම ශාස්ත්‍රීය ජයග්‍රහණ පිළිබඳ ප්‍රකාශය තහවුරු කිරීමට නොහැකි වීම හේතුවෙන් ඉල්ලා අස්වීම මෙම කැපවීමේ සලකුණකි.
– ආචාර්ය ජෙහාන් පෙරේරා
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart