December 23, 2024

නිෂ්පාදන පිරිවැය ඉහළයෑම සහ අමුද්‍රව්‍ය හිඟකම සමඟ ගඩොල් නිෂ්පාදන කර්මාන්තයේ නියැළී සිටින දහස් සංඛ්‍යාත පිරිසක් අර්බුදයකට මුහුණ දී සිටිති.

මහඔය ආශ්‍රිතව, විශේෂයෙන්ම කොච්චිකඩේ, මඩම්පැල්ල, බඩල්ගම, දිවුලපිටිය වැනි ප්‍රදේශවල ගඩොල් නිෂ්පාදනය ප්‍රධාන ස්වයං රැකියා මාර්ගයකි.

බොහෝ දෙනෙක් වසර ගණනාවක් කර්මාන්තයේ යෙදී සිටින අතර එය රැකියා විරහිත තරුණයන්ට ජීවනෝපාය උපයා ගැනීමට උපකාර කරයි.

බොහෝ දිළිඳු පවුල් සිය ජීවනෝපාය ලෙස සම්පූර්ණයෙන්ම යැපෙන්නේ මෙම කර්මාන්තය මතය.

සාමාන්‍යයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූලව 20.5cm × 7.5cm×9.5 cm ප්‍රමාණයෙන් යුත් ඉංජිනේරු ගඩොල් සඳහා විශාල ඉල්ලුමක් පවතී.

කෙසේවෙතත්, නිෂ්පාදකයන් පවසන්නේ මිල ගණන් අඩුවීම සහ අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් මේ වන විට එහි ප්‍රමාණය 8″×2″×4 1/2″ දක්වා අඩුකර ඇති බවයි.

කොච්චිකඩේ උඩංගාව පදිංචි නිශාන්ත උදේෂ් කුමාර් (32) පැවසුවේ තමන් මුහුණ දෙන ගැටලු අතර මැටි මිල ඉහළ යෑම ප්‍රධාන වන බවයි.

“මැටි කියුබ් එකක් රුපියල් 9000ක් විතර වෙනවා, ඒකෙන් අපිට හදන්න පුළුවන් ගඩොල් 1000යි. මැටි ප්‍රවාහනය සඳහා බලපත්‍රය ලබා ගැනීම සඳහා වසරකට බදු වශයෙන් රුපියල් 150000ක් ගෙවිය යුතුයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

“පසුගිය කාලයේ අධික වර්ෂාව සහ ගංවතුර නිසා මැටි ගසා ගෙන ගියා. අපිට රුපියල් 300,000ක් විතර නැති වුණා. කවුරුත් අපේ උදව්වට ආවේ නැහැ. අපිට උදව් කරන්න කිසිම වැඩපිළිවෙළක් නැහැ” යැයි නිශාන්ත කීවේය.

42.31%
17.27%
32.76%