Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සැළකිව යුතු මූල්‍ය ආයෝජන තිබියදීත් විවිධ අභියෝග හේතුවෙන් ඉහළ පෙළේ නාගරික සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අතරමග නතර වී ඇති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යාංශයේ විගණන වාර්තාවකින් හෙළි වී තිබේ.
2012 ජූලි 10 වැනි දින ආරම්භ වූ සහ මුලින් 2017 ජුනි 30 වන විට අවසන් කිරීමට නියමිතව තිබූ මෙට්‍රෝ කොළඹ නාගරික සංවර්ධන ව්‍යාපෘතිය බහුවිධ ප්‍රමාදයන්ට මුහුණ දී ඇති අතර නවතම කාලසීමාව 2022 ජූනි 30 දක්වා දීර්ඝ කර ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
කෙසේවෙතත්, දීර්ඝ කරන ලද කාල සීමාව වන විට පවා, එම ව්‍යාපෘතියට වෙන් කළ අරමුදල්වලින් භාවිත කර ඇත්තේ 49%ක් පමණි.
නොරිස් ඇළේ ඉදිකිරීම් නතර කිරීමත් සමඟ අවට මහල් නිවාසවල පදිංචිකරුවන්ගේ නීතිමය ක්‍රියාමාර්ග හේතුවෙන් ව්‍යාපෘතිය ඇනහිට ඇත.
කොළඹ ජල ද්‍රෝණියේ ගංවතුර අවම කිරීම, පාලන ධාරිතාව ශක්තිමත් කිරීම සහ නගරය අලංකාර කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
වෙන් කරන ලද මුළු අයවැය ඩොලර් මිලියන 213ක් වූ අතර, අරමුදල්වලින් 93%ක දායකත්වය රජය විසින් සපයන ලදී.
2022 අගභාගයේදී, මෙම කොන්ත්‍රාත්තුව අන්‍යෝන්‍ය වශයෙන් අවසන් කර ඇති අතර, ඉතිරි වැඩ කටයුතු අවසන් කිරීමට කොළඹ මහ නගර සභාවට දී ඇත.
ව්‍යාපෘතියේ අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අධීක්ෂණ පාලන සහ දත්ත අත්පත් කර ගැනීමේ (SCADA) පද්ධතියක් ක්‍රියාත්මක කිරීම විගණනය මගින් නිර්දේශ කර තිබේ.
මීට අමතරව, නාගරික ව්‍යාපෘති සූදානම් කිරීමේ පහසුකම් ව්‍යාපෘතිය ද සැළකි යුතු පසුබෑමකට මුහුණ දී ඇත.
ඩොලර් මිලියන 4.65ක ණය මුදලක් සමඟින් 2019 මාර්තු 6 සිට 2022 මාර්තු 31 දක්වා ක්‍රියාත්මක වීමට මුලින් සැලසුම් කර තිබූ ව්‍යාපෘතියට 2022 දෙසැම්බර් වන විට වියදම් කර තිබුණේ අරමුදල්වලින් 38%ක් පමණි.
ව්‍යාපෘතියේ මෙහෙයුම් 2020 අගෝස්තු මාසයේදී අත්හිටුවා තිබූ අතර සැලසුම් කළ පරිදි ප්‍රධාන වාර්තා ලැබී නොතිබිණි.
ව්‍යාපෘතිය අවසන් කිරීමේ දිනය 2024 මාර්තු 31 දක්වා දීර්ඝ කර තිබූ නමුත් ප්‍රමාදයන් විසඳීමට හෝ ඉතිරි කාර්යයන් සම්පූර්ණ කිරීමට සවිස්තරාත්මක ක්‍රියාකාරී සැලැස්මක් සකස් කර නොතිබිණි.
ප්‍රමාදයන් විසඳීමට සහ අපේක්ෂිත ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඉතිරි වැඩ අවසන් කිරීමට තීරණාත්මක ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස විගණන වාර්තාව නිර්දේශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart