April 24, 2023

හම්බන්තොට වෙරළට කිලෝමීටර් 25.8ක් ඔබ්බෙන් වූ අද (24) අලුයම 12.45ට පමණ භූ-කම්පනයක් හටගෙන ඇති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පවසයි.

රික්ටර් මාපකයේ ඒකක 4.4ක ප්‍රබලත්වයක් සටහන් කළ අදාළ භූ-කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් උද්ගතවී නොමැති බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සඳහන් කරයි.

42.31%
17.27%
32.76%