December 22, 2024

අනතුරට පත් එම්වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් සහ නෞකාවේ දේශීය නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරුන් ගොනු කළ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙස නීතිපතිවරයා කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව නිෂ්ප්‍රභ කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මෝසමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම නඩුව පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කරන ලෙසයි.

මෙම පෙත්සමේ නඩුවට අදාළ වැදගත් කරුණු රැසක් ඇතුළත් බැවින් එය විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස තෙන්නකෝන් අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, දිලිප් නවාස් සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

කෙසේවෙතත්, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා සහ ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න එම ඉල්ලීමට දැඩි විරෝධය පළ කළේ එම ඉල්ලීමට නීතිමය පදනමක් නොමැති බවට තර්ක කරමිනි.

කරුණු සළකා බැලූ අධිකරණය අවසානයේ වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරයා ඉදිරිපත් කළ තර්කය පිළිගෙන නීතිපතිවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

42.31%
17.27%
32.76%