Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වන බැවින් සත්‍ය දෙයක් අසත්‍ය හෝ අසත්‍ය දෙයක් සත්‍ය බවට අන් අයට ඒත්තු ගැන්වීමේ පූර්ණ අයිතිය ජනතාවට ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි පවසයි.
කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇය කියාසිටියේ රජය කරන යහපත් දේවල අයහපත් පැත්ත දැකීමට ජනතාවටද අයිතියක් ඇති බවත් එම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට රජය කිසිවිටෙක බාධා නොකරන බවත්ය.
“ඕනෑම සත්‍යයක් බොරුවක් ලෙසත් ඕනෑම බොරුවක් සත්‍යයක් ලෙසත් ඒත්තු ගැන්වීමේ සම්පූර්ණ අයිතිය ඔබට තිබෙනවා. එය ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. රජය යහපත් දෙයක් කරන විට එහි අයහපත් පැත්ත දැකීමට ඔබට අයිතියක් තිබෙනවා. නායකයෙක්, රජයක්, ආයතනයක් හෝ පුද්ගලයෙක් සමාජයට හානිකර දෙයක් කරන විට ප්‍රශංසා කිරීමටත් ඔබට අයිතියක් තිබෙනවා” ඇය පැවසුවාය.
යම් දෙයක ප්‍රතිඵල දැකීමට කාලය ගතවන බව පැවසූ මන්ත්‍රීවරිය, යමක් විවේචනය කිරීමට පෙර ප්‍රතිඵල එනතුරු බලා සිටීම යහපත් බවද කියාසිටියාය.
අනුර කුමාර දිසානායක ජනාධිපති ධූරයට ගෙන ඒමේ මැතිවරණ ව්‍යාපාරයේදී ජාතික ජන බලවේග පාක්ෂිකයින් කිසිවිටෙක බොරු නොකී බවත් එසේ කිරීමට ඔවුන්ටද අවශ්‍ය නොවූ බවත් ඇය පැවසුවාය.
“සමහර අය කියනවා අනුර කුමාරව ජනාධිපති කරන්න දේශපාලන වේදිකාවල මාළිමාවේ පාක්ෂිකයෝ බොරු කීවා කියලා, මම ඇතුළු කිසිමජාතික ජන බලවේගයේ සාමාජිකයෙක් බොරු කියලා ජනතාව නොමග යවලා අනුර කුමාරව ජනාධිපති කරන්න ඕන වුණේ නැහැ. මොකද අපි බංකොලොත් දේශපාලන බලවේගයක් නෙවෙයි. ඔවුන්ගේ බංකොලොත්භාවය නිසා ජනතාව අනුර කුමාර දිසානායකව විශ්වාස කළා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart