December 21, 2024

පේරු හි විද්‍යාඥයන් විසින් නව සත්ව විශේෂ 27ක් සොයා ගෙන තිබේ.

ඒ අතරින් දැල් සහිත පාද ඇති උභයජීවී මීයෙක් සහ බෝල හිසක් ඇති මත්ස්‍යයකු ද වේ.

ලාභ නොලබන සංවිධානයක් වන Conservation International හි විද්‍යාඥයන් සහ පේරු හි ආදිවාසී කණ්ඩායම්වල සාමාජිකයන් විසින් ඇමසන් වැසි වනාන්තරය ඇතුළත් Alto Mayo හි කරන ලද ගවේෂණයකදී මෙම සත්ව විශේෂ සොයා ගෙන ඇත.

නව සත්ව විශේෂ 48ක් සොයා ගැනීමට හැකි වුවද, එම සතුන් අලුත් ද යන්න තීරණය කිරීම සඳහා වැඩිදුර අධ්‍යයනයක් අවශ්‍ය වන බව Conservation International සංවිධානය පවසයි.

“විශේෂයෙන්ම එවැනි මානව බලපෑම් සහිත ප්‍රදේශයක නව ක්ෂීරපායන් සහ පෘෂ්ඨවංශීන් විශාල ප්‍රමාණයක් සොයා ගැනීම ඇත්තෙන්ම ඇදහිය නොහැකි දෙයක්” යැයි Conservation International හි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ට්‍රොන්ඩ් ලාර්සන් පැවසීය.

Alto Mayo යනු බහු පරිසර පද්ධති සහ ස්වදේශික භූමි ප්‍රදේශ සහිත උතුරු පේරු හි ආරක්ෂිත ප්‍රදේශයකි.

එය සාපේක්ෂ වශයෙන් ඉහළ ජන ඝනත්වයක් ඇති ප්‍රදේශයක් වන අතර, වන විනාශය සහ කෘෂිකාර්මික ව්‍යාප්තිය හරහා පාරිසරික වශයෙන් පීඩනයකට ලක්ව ඇති ප්‍රදේශයක් ද වේ.

පර්යේෂණයට සහාය වූ ආදිවාසි Awajún කාන්තාවක් වන Yulisa Tuwi, පවසන්නේ මෙම වාර්තාව ඔවුන්ගේ සංස්කෘතිය, ස්වභාවික සම්පත් සහ භූමිය ආරක්ෂා කිරීමට ඉඩ සලසන අතර එය ඔවුන්ට පරිසර පද්ධති පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබා දෙන බවයි.

මෙම ගවේෂණයේදී නව කුරු ලේනුන් විශේෂයක්, මාළු වර්ග අටක්, උභයජීවීන් තුනක් සහ සමනල වර්ග 10ක්ද සොයා ගන්නා ලදී.

ඒ අතර සිටින බෝල හිසක් ඇති මාළු විශේෂය විද්‍යාව අනුව නව සොයාගැනීමකි.

එහෙත් ගවේෂණයට උදව් කළ ස්වදේශික Awajún ජනතාව එම සතුන් පිළිබඳ මීට පෙර සිටම දැන සිට ඇත.

මත්ස්‍ය විද්‍යාඥයන් විශේෂයෙන් කම්පනයට පත් වූ උගේ හිස විශාල වීම ඔවුන් මින් පෙර කිසිදා දැක නොතිබූ දෙයකි.

නව කුරු ලේනුන් විශේෂය ද ඉහළ මට්ටමේ වෙනසක් ලබා දෙයි.

මෙම කුරු ලේනුන් ප්‍රමාණයෙන් අඟල් 5.5ක් පමණ වන අතර, බ්‍රිතානයේ වාර්තා අනුව මෙම ලේනුන් සාමාන්‍ය අළු ලේනෙකුගෙන් අඩකි.

විද්‍යාඥයන් විසින් නව කටු සහිත මීයන් විශේෂයක් සොයා ගන්නා ලදී.

ඔවුන්ගේ ලොම් අතර විශේෂයෙන් දැඩි ආරක්ෂක රෝම දක්නට තිබේ.

විද්‍යාඥයන් නව ‘උභයජීවී මීයන්’ විශේෂයක් ද සොයා ගත් අතර එය අර්ධ වශයෙන් දැල් සහිත පාද ඇති මීයකු වන අතර ජලජ කෘමීන් අනුභව කරයි.

එම මීයන් අයත් වන්නේ ලෝකයේ දුර්ලභම ලෙස සැලකෙන අර්ධ ජලජ මීයන් සමූහයකටය.

මෙම නව සොයා ගැනීම් අතරට සැලමැන්ඩර් විශේෂයක් ද වේ.

කුඩා ඔපොසම් විශේෂයකට අයත් සත්වයකුද සොයාගෙන ඇති අතර විශිෂ්ට ශ්‍රවණයකට උපකාර වන විශාල කන් එම සත්වයන් සතුවේ.

එම සත්වයා පැසිපොව්වන් විශේෂයක් වන අතර තම පැටවුන් මල්ලක නැතහොත් පැසක රැගෙන යයි.

ගවේෂණයේදී සොයාගත් නව සමනල විශේෂ 10න් එකක් වන්නේ ස්කිපර් සමනල විශේෂයයි.

42.31%
17.27%
32.76%