December 21, 2024

හැටන් – නුවර ප්‍රධාන මාර්ගයේ මල්ලව ප්‍රදේශයේදී පෞද්ගලික මගී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස ප්‍රපාතයට පෙරළී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 25 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන් සියලු දෙනාම තුවාල ලබා ඇත.

තුවාල ලැබූ පුද්ගලයන් හැටන් සහ දික්ඔය රෝහල්වලට ඇතුළත් කර ඇත.

42.31%
17.27%
32.76%