December 19, 2024

1999 දෙසැම්බර් මාසයේදී තමන් ඉලක්ක කරගත් බෝම්බ ප්‍රහාරයෙන් වසර 25ක් සපිරීම නිමිත්තෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහරගම අපේක්ෂා පිළිකා රෝහලට අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කළාය.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනිය කියාසිටියේ, බෝම්බ පිපිරීමෙන් මියගිය තම ආරක්ෂක නිලධාරියාගේ පවුලේ සාමාජිකයන් මෙම අවස්ථාවට තමන් සමඟ සහභාගී වූ බවයි.

හිටපු කථානායක කරු ජයසූරිය සහ වෛද්‍ය ලංකා ජයසූරිය විසින් මෙහෙයවනු ලබන ‘ඉන්දිරා පිළිකා භාරය’ වෙත මෙම ඖෂධ පරිත්‍යාගය සිදු කළ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග වැඩිදුරටත් පැවසුවාය.

“මහල් හයක සංකීර්ණය රෝගී දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට වටිනා සේවාවන් සපයයි. එය ප්‍රණීත ආහාර පාන, සෙල්ලම් බඩු, අධ්‍යාපනික උපකරණ ආදී සියලු පහසුකම්වලින් සමන්විත වන අතර බස් ගාස්තුව දරා ගැනීමට නොහැකි ජනතාවට සහන සැලසෙනු ලබයි.” යැයිද ඇය පැවසුවාය.

අන් අයට උපකාර කිරීමට කැමති ඕනෑම අයෙකුට රෝහල ඉතා වටිනා සහ සුදුසු ස්ථානයක් බව හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සනදහන් කළාය.

42.31%
17.27%
32.76%