Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජනාධිපති අරමුදලේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් තම නම සඳහන් කරමින් අමාත්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් ඊයේ ජනාධිපති අරමුදලට වාචික සහ ලිඛිත පැහැදිලි කිරීමක් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් සිරිසේන පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් හිටපු මන්ත්‍රීවරයා පවසන්නේ, තමන් 2009 මාර්තු 9 වනදා අකුරැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් සිටියදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් බරපතල තුවාල ලැබූ බවයි.
තමා කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇස, කන සහ උදරය ආශ්‍රිත ශල්‍යකර්මයකට භාජනය කළ බවත්, කන් බෙරය ද පුපුරා ගොස් ඇති බවත් ඔහු අනාවරණය කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් සිරිසේන වැඩිදුරටත් අනාවරණ කළේ, දෙස් විදෙස් ප්‍රතිකාර සඳහා තම පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 45ක් වැයකළ බවයි.
මනෝජ් සිරිසේන පවසන්නේ, තමා මුදල් ලබාගත්තේද යන්න තහවුරු කර නොගෙන නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා එම ප්‍රකාශක සිදුකළ බවයි.
ජාතික ධනය අවභාවිත කිරීම බරපතල වරදක් සහ වංචාවක් බව පවසන මනෝජ් සිරිසේන, අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ කරන ප්‍රකාශ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ද සඳහන් කරයි.
තමාට මුදල් වෙන්කර ඇති බව පසුගියදා පාර්ලිමේන්තු හෙළිදරව්වෙන් පසුව දැනගත් නමුත් එවැන්නක් තමාට නොලැබුණු බව හිටපු මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.
එවැනි තත්ත්වයක් යටතේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ප්‍රකාශ කරන පරිදි ජනාධිපති අරමුදලින් මුදල් ලබාගත් බව කියන පුද්ගලයන්ගේ ලැයිස්තුවෙන් තම නම ඉවත් කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියාසිටියි.
එම ප්‍රකාශය නිවැරදි කර එමගින් සිදුවූ හානිය නිවැරදි කරන ලෙසද මනෝජ් සිරිසේන, අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ඉල්ලා සිටියි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart