Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථයන් ඇතුළුව එම ක්‍රීඩා සංකීර්ණය මුළුමුනින්ම ප්‍රතිසංස්කරණය කිරීමට රජය සූදානම් වේ.
ඒ අනුව සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීම, ඒ මැද පිහිටි පාපන්දු පිටිය සැකසීම, ඒ සඳහා අවශ්‍ය විද්‍යුත් කාලගණන යන්ත්‍ර සවි කිරීම සහ ආලෝක කුලුනු ප්‍රතිසංස්කරණය කිරීම යන කාර්යයන් සියල්ල සිදුකිරීමට නියමිතය.
ඊට අදාළව අනුමැතිය ලැබුණු කැබිනට් පත්‍රිකාව පහතින් දැක්වේ.
‘සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණය යනු ජාත්‍යන්තරව පිළිගත් පළමු පන්තියේ ක්‍රීඩා පහසුකම් සපයන ක්‍රීඩා සංකීර්ණයක් වන අතර, සියලු පහසුකම් හා ජාත්‍යන්තර ප්‍රමිතීන් සහිත මීටර් 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථවලින් සමන්විත ශ්‍රී ලංකාවේ ඇති එකම ක්‍රීඩා සංකීර්ණය වේ. 2018 වර්ෂයේදී මෙම කෘත්‍රිම ධාවන පථයන් නැවත එලීම සිදු කර ඇති අතර, මේ වනවිට එහි පළුදුවීම් රාශියක් පවතින හෙයින්, ජාතික තලයේ ක්‍රීඩා තරගවලට පවා නුසුදුසු තත්ත්වයක පවතින බවට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්තා කර තිබේ. ජාතික හා ජාත්‍යන්තර තලය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීම පිණිස අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම කෘත්‍රිම ධාවන පථ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ප්‍රතිසංස්කරණය කිරීම ජාතික වශයෙන් ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු කාර්යයක් බව හඳුනාගෙන ඇත. ඒ අනුව, සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණයේ කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීම, ඒ මැද පිහිටි පාපන්දු පිටිය සැකසීම, ඒ සඳහා අවශ්‍ය විද්‍යුත් කාලගණන යන්ත්‍ර සවි කිරීම සහ ආලෝක කුලුනු ප්‍රතිසංස්කරණය කිරීම යන කාර්යයන් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් සිදු කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.’
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart