Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රේටින්ස් වැඩිකර ගැනීම සඳහා ඇතැම් ජනමාධ්‍ය නාලිකා පහත් ආකාරයෙන් කටයුතු කරන බවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි ප්‍රකාශ කරයි.
සමාජ මාධ්‍ය මේ වන විට ජනතා අධිකරණයක් දක්වා දුරදිග ගොස් ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.
ඇමැතිවරයා මේ බව පවසා ඇත්තේ, ‘දිනමිණ’ පුවත්පත සමග සංවාදයකට එක්වෙමිනි.
ඇමැතිවරයා එහිදී, වේයන්ගොඩ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් බිමක නිධානයක් මතුවූ බව කියූ ප්‍රවෘත්තිය පදනම් කර ගනිමින් මෙසේ පවසා ඇත.
“මේක රාජ්‍ය කටයුත්තක්. භූ විද්‍යා හා පතල් කැණීම්, පුරාවිද්‍යා, විශේෂ කාර්ය බළකාය සහ අධිකරණය සම්බන්ධ කරගෙන ශාස්ත්‍රීය ලෙස එය මෙහෙයවන්න උත්සාහ කළා. මෙය විවිධ නාළිකා සහ විවිධ දේශපාලන මත දරන උදවිය වෙන මට්ටමකට අරන් ගියා. මේ අහන සියලු ප්‍රශ්න රටට සන්නිවේදනය කරන්න අද ඉදිරිපත් වෙලා තිබෙන්නෙ වගකීම්සහගත ජනමාධ්‍යයකට වඩා වගකීම් විරහිතව කටයුතු කරන සමාජ මාධ්‍ය.
සමාජ මාධ්‍ය ජනතා අධිකරණයක් දක්වා දුරදිග ගිහින්. වරදක් නෑ. හැබැයි සාධාරණ විය යුතුයි. නමුත් සාධාරණ බවක් පේන්න නෑ. වගකීම්සහගත ජනමාධ්‍ය නාළිකාවලට අමතරව අද තමන්ම තමන්ගේ චැනල් එකේ අයිතිකාරයා වෙලා චැනල් එකක් හදාගෙන ඕනම තරම් පහත් භාෂාවකට බැහැලා රේටින්ස් වැඩි කර ගන්න වැඩ කරමින් ඉන්නවා. මේක ඇතුළෙ තමා දහම් අධ්‍යාපනය, පුරා වස්තු, සංස්කෘතික අමාත්‍යාංශයේ ඉදිරි වැඩපිළිවෙළ ආදී පණිවිඩ එළියට ගෙන යන්නෙ. සිරස්තලවල තියෙන කිසිවක් ප්‍රවෘත්තිය ඇතුළට පිවිස බැලුවාම නෑ. එනිසා මේ සමාජ මාධ්‍ය කටයුතු කරන විදිහ අතිශය අනර්ථකාරී. මෙලෙස විවේචනය කිරීම තවත් පිරිසක් භාරගන්න ඉඩ තියෙනවා, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කරනවා කියලා. එය වරදක්. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සීමා කිරීමක් නෙමේ මේ.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart