Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිවසට උගුඩුවන් පැමිණීම වැළැක්වීම සඳහා සැමියා ඇටවූ විදුලි රැහැනක පැටළී බිරිඳ මියයෑමේ පුවතක් කහවත්ත පොලීසියෙන් පෙරේදා (17) වාර්තා විය.
මෙසේ මියගොස් ඇත්තේ කහවත්ත යටාගර වටාපොත පදිංචි සෙනරත් චන්ද්රකලතා නැමති 44 හැවිරිදි දෙදරු මවකි.
සිද්ධියට සැකපිට මියගිය කාන්තාවගේ සැම්යා වන පනස් හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.
මියගිය කාන්තාව බිම ඇදවැටී සිටි බව පවසමින් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත්, පසුව සැමියා විසින් සිද්ධිය පිළිබදව පාපොච්චාරණයක් සිදුකළ බවද පොලිසිය පවසයි.
සැකකරු නිවසේ තිබූ උගුඩුවන්ගේ හිරිහැරය නිසා සිද්ධියට පෙර දින රාත්රියේ විදුලි බල්බයක හෝල්ඩයකින් විදුලිය ගෙන, උගුඩුවන් පැමිණෙන මාර්ගයට දමා ඇති අතර, එය ක්රියාවිරහිත කිරීමට අමතක වී දළු නෙලීම සඳහා ගොස් ඇත.
නිවස පිටුපස බිම වැටී තිබූ කම්බිය පෑගී බිරිඳ කෑ ගසන හඬ ඇසී පැමිණ සුවිචය ක්රියාවිරහිත කර බලද්දී බිරිඳ කටින් සෙම දාගෙන බිම වැටී සිටි නිසා, රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.
රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් අදාළ කාන්තාව මියගොස් සිටි බව කහවත්ත රෝහල පවසයි.
සිද්ධියට සැකපිට මියගිය කාන්තාවගේ සැමියා කහවත්ත පොලීසිය විසින් පෙරේදා සවස අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ ක්රියාත්මක කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart