Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බ්‍රිතාන්‍ය රජය ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් වසර දෙකකට වැඩි කාලයක් බ්‍රිතාන්‍ය ඉන්දීය සාගර ප්‍රදේශයේ දුරස්ථ හමුදා කඳවුරක නීතිවිරෝධී ලෙස රඳවා තබා ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් 64 දෙනෙකු මුහුදේදී මුදා ගැනීමෙන් පසු බ්‍රිතාන්‍ය-අමෙරිකානු හමුදා කඳවුරක් වන ඩියාගෝ ගාර්ෂියා හි බන්ධනාගාර වැනි කඳවුරුවල රඳවා තිබිණි.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ශ්‍රී ලංකාවේ පැවති තාඩන පීඩනවලින් පලා යන බව කියා සිටි දෙමළ ජනයා වූ අතර ඔවුන් ඩියාගෝ ගාර්ෂියා වෙත පැමිණි පසු අන්තර්ජාතික ආරක්ෂාව පතා තිබිණි.
මෙම මස මුලදී, බොහෝ සංක්‍රමණිකයන් එක්සත් රාජධානියට ගෙනැවිත් ලන්ඩනයේ සිට සරණාගතභාවය සඳහා අයදුම් කිරීමට අවසානයේ අවස්ථාවක් ලබා දෙන ලදී.
කලින් කල පත්වූ බ්‍රිතාන්‍ය විදේශ ලේකම්වරු මෙම පිරිසට එක්සත් රාජධානියට ඇතුළු වීමට ඉඩදීමට අකමැති වූයේ එය එම දූපත් හරහා නව අක්‍රමවත් සංක්‍රමණ මාර්ගයක් විවෘත කරනු ඇතැයි යන බියෙනි.
ඊයේ ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවක, ශ්‍රේෂ්ඨාධිකරණයේ වැඩබලන විනිසුරු මාග්‍රට් ඔබි සඳහන් කර තිබුණේ සංක්‍රමණිකයන් හමුදා කඳවුරේ ‘අසාමාන්‍ය ලෙස දීර්ඝ කාලයක් නීතිවිරෝධී ලෙස රඳවා තබාගෙන’ ඇති බවයි.
එමගින් එක්සත් රාජධානියේ ආණ්ඩුවට විශාල හානියක් සිදු විය හැකි බව ද තීන්දුවේ සඳහන් වේ.
අදාළ ශ්‍රී ලාංකිකයන් පාපන්දු පිටියක ප්‍රමාණයේ කඳවුරක රඳවා සිටි අතර ඔවුන් පෞද්ගලිකත්වය නොමැතිකම සහ මීයන් බෝවීම ඇතුළු ‘සිරගෙදරක’ ‘ තත්ත්වයන්ට මුහුණ දුන් බවට චෝදනා කර තිබිණි.
දුර්වල මානසික සෞඛ්‍යය හේතුවෙන් සංක්‍රමණිකයන් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ අවස්ථා ද දැකිය හැකි විය.
“මොවුන් තමන් සිටින්නේ සිරගෙදරක සේ හැඟීම පුදුමයට කරුණක් නෙවෙයි. නම හැර අන් සියල්ලෙන්ම එය හරියටම ගැළපෙනවා,” යැයි ද විනිසුරුවරයා පැවසීය.
කඳවුර සෑම විටම ආරක්ෂක භටයන් විසින් මෙහෙයවා ඇති බවත් අනවසරයෙන් කඳවුරෙන් පිටවීම සම්බන්ධයෙන් ‘දඬුවම්’ පනවා ඇති බවත් තීන්දුව මගින් හඳුනාගෙන තිබේ.
සරණාගතයන් හට මෙම වසර මුලදී ඔබි විසින් ඇප ලබා දුන්නේ දූපතේ මංපෙතකට සහ වෙරළ තීරයට ප්‍රවේශ වීමට පමණි.
පසුගිය කොන්සර්වේටිව් රජයේ රුවන්ඩා යෝජනා ක්‍රමයට ඇති විය හැකි බලපෑම්වලට බියෙන් ජූලි මාසයේදී එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු කාර්යාලය අන්තර්ජාතික ආරක්ෂණ හිමිකම් ප්‍රගතියට ‘බාධා’ කළ බව පෙනී ගොස් ඇති බව තීන්දුවේ දී විනිසුරුවරයා සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart