December 17, 2024

අශෝක රන්වලගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කථානායක ධුරය සඳහා නව කථානායකවරයකු පත්කර ගැනීම නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ පාර්ලිමේන්තුව ආරම්භයේදී සිදුවිය.

එහිදී කථානායක ධුරය සඳහා ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ජගත් වික්‍රමරත්නගේ නම අගමැති හරිනි අමරසූරිය විසින් යෝජනා කරනු ලැබූ අතර එය ස්ථිර කරනු ලැබුවේ ඇමැති බිමල් රත්නායක විසිනි.

කථානායක ධුරය සඳහා වෙනත් නාම යෝජනා ඉදිරිපත් නොවූ නිසා ඔහු නිතරගයෙන් කථානායක ධුරය සඳහා තේරී පත්විය.

42.31%
17.27%
32.76%