December 16, 2024

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට වසර 11කට පෙර නීති විද්‍යාල අවසන් වසර විභාගයට මුහුණදුන් ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වී තිබේ.

සමාජ ක්‍රියාකාරිකයකු වන ජාමුනි කමන්ත තුෂාර විසින් මේ සම්බන්ධයෙන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාමුනි කමන්ත තුෂාර ජනමාධ්‍ය වෙත කියාසිටියේ, නීතිඥවරු දෙදෙනකුගේ සහාය ලබාගනිමින් නාමල් රාජපක්ෂ නීති විද්‍යාල අවසන් විභාගයට මුහුණදී ඇති බවයි.

පහතින් දැක්වෙන්නේ ජාමුනි කමන්ත තුෂාර මේ සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත දැක්වූ අදහස් ය.

42.31%
17.27%
32.76%