December 15, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන සුදුසුකම්වල විශ්වසනීයත්වය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අගමැති ආචාර්ය හරිනි අමරසූරිය තීරණයක් ගන්නා තෙක් පාර්ලිමේන්තු නිලධාරීන් බලා සිටින බව වාර්තා වේ.

කථානායක ලෙස කටයුතු කළ අශෝක රන්වලගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇති වූ මතභේදයක් මධ්‍යයේ ඔහු ඉල්ලා අස්වීමත් සමඟ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීමේ වැදගත්කම පිළිබඳ කතාබහක් ඇති වී තිබේ.

සියලුම මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ රජය සොයා බැලිය යුතු බව විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අවධාරණය කර තිබේ.

ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු නිලධාරියකු ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් විසින් ඉදිරිපත් කරන ලද අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීමට ඊයේ (14) වන විටත් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයට ලබා දී ඇති තොරතුරු මත පාර්ලිමේන්තුව විශ්වාසය තබා ඇති බවත්, පරස්පරතා අනාවරණ වුවහොත් සුදුසු ක්‍රියාමාර්ග තීරණය කිරීම සභාවට පවරා ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැහැදිලි කර ඇත.

කෙසේවෙතත්, ව්‍යාජ අධ්‍යාපන සහතික ලබාදීමේ නීතිමය කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) හිටපු සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා පවසන්නේ යම් පුද්ගලයෙක් තනතුරක් හෝ ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා වංචනික ලේඛන ඉදිරිපත් කර පසුව එම ව්‍යාජ ලේඛන මත පදනම්ව පත් කරනු ලැබුවහොත් එය පැහැදිලි වංචාවක් බවයි.

මෙම ක්‍රියාව වංචා කිරීම සහ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම ලෙස වර්ගීකරණය කර ඇති අතර, මේ දෙකම දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති වැරදි වේ.

අදාළ පුද්ගලයා තනතුර ලබාගෙන, වැටුපක් ලබාගෙන තිබේ නම්, සහ ලබා දී ඇති ලියකියවිලි වංචනික ඒවා බව පසුව පෙනී යන්නේ නම්, චෝදනාවලට මුහුණ දීමට අමතරව, ඔවුන් ලබාගත් සියලු ප්‍රතිලාභ ආපසු ගෙවිය යුතු බව ද ඔහු සඳහන් කරයි.

ද සිල්වා පෙන්වා දෙන්නේ මැතිවරණයකට තරග කිරීම සඳහා පුද්ගලයකුට ආචාර්ය උපාධියක් හෝ වෙනත් ඉහළ සුදුසුකමක් තිබීම අවශ්‍ය නොවන බවයි.

“අවම සුදුසුකම් වන්නේ ශ්‍රී ලාංකික පුරවැසියකු වීම සහ අනෙකුත් අදාළ නිර්ණායක සපුරාලීමයි. විධිමත් අධ්‍යාපන සුදුසුකම් අනිවාර්ය කර නොමැති බැවින් ඕනෑම අයකුට මැතිවරණ ක්‍රියාවලිය හරහා පාර්ලිමේන්තුවට ප්‍රවේශ විය හැකියි. කථානායක තනතුර සඳහා ද පුද්ගලයාට නිශ්චිත අධ්‍යයන සුදුසුකම් තිබිය යුතු බවට නිශ්චිත අවශ්‍යතාවයක් නැහැ. පාර්ලිමේන්තුවට තේරී පත් වූ පසු, අදාළ පක්ෂය, අනෙක් අයගේ කැමැත්ත ඇතිව, එම තනතුරට සුදුසු මන්ත්‍රීවරයකු නම් කරනවා, ”යනුවෙන් ඔහු පැහැදිලි කරයි.

එවැනි තනතුරකට නම් කිරීමත් සමඟ ලැබෙන වැදගත් වගකීම් වැදගත් කරුණක් බව ඔහු අවධාරණය කරයි.

පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරයා ලෙස කටයුතු කිරීම සහ තීරණාත්මක තනතුරු වූ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් වැනි භූමිකාවන් සඳහා පුද්ගලයන් තෝරා ගැනීම වැනි ප්‍රධාන පත්වීම් අධීක්ෂණය කිරීම ඊට ඇතුළත්ය.

රංවලට චෝදනා එල්ල කළ හැකිද යන්න මතභේදාත්මක කාරණයක් ලෙස පවතින බව ද සිල්වා සඳහන් කරයි.

“මගේ මතය අනුව, ඔහු හිමිකම් පෑම මත තනතුරක් ලබා ගත්තේ නම් මිස එය අය කළ හැකි වරදක් නෙවෙයි. තනතුරට එම නිශ්චිත සුදුසුකම අවශ්‍ය නම් සහ ඔහු එය වංචනික ලෙස ලබා ගත්තේ නම්, ඔහු වරදකරු වීමට වගකිව යුතුයි. කෙසේවෙතත්, මෙම අවස්ථාවේ දී, එය අදාළ නොවන බවයි පේන්නේ. ”යනුවෙන් ඔහු සඳහන් කරයි.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරයාගේ නිසි ක්‍රියාමාර්ගය වනුයේ එම සුදුසුකම් ඔප්පු කරන ලෙස වහාම ඔහුගෙන් ඉල්ලා සිටීමයි.

ඔහුට අනුව ජනාධිපතිවරයාට පහසුවෙන්ම ජපාන තානාපති කාර්යාලය සම්බන්ධ කර ගත හැකිව තිබිණි.

සහතිකය අස්ථානගත වී ඇති බව රංවලට පැහැදිලි කර එය ලබා ගැනීමට සහාය ඉල්ලා සිටිය හැකිය.

විද්‍යුත් තැපෑලෙන් ආදේශක සහතිකයක් නිකුත් කරන ලෙස විශ්වවිද්‍යාලයෙන් ඉල්ලා සිටිය හැකි අතර එය ප්‍රමාණවත් වේ.

තානාපති කාර්යාලය හරහා සත්‍යාපනය කළ පසු එහි සත්‍යතාව ප්‍රශ්න කිරීමට අවශ්‍ය නොවනු ඇත.

රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත නිල වශයෙන් ලිඛිතව දැනුම් දී තිබේ.

සිකුරාදා (13) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් රංවල සිය ඉල්ලා අස්වීම තහවුරු කළේ තමාගේ සුදුසුකම් පිළිබඳ කිසිවිටෙක අසත්‍ය ප්‍රකාශ නොකළ බව ප්‍රකාශ කරමිනි.

කෙසේවෙතත්, ඔහු දැනට අදාළ ආයතනවලින් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින ඇතැම් වාර්තා නොමැතිකම හේතුවෙන් තම සුදුසුකම් සනාථ කරන අදාළ ලියකියවිලි සැපයීම ප්‍රමාද වන බව ඔහු පිළිගෙන ඇත.

තමාට ආචාර්ය උපාධිය පිරිනැමූ ජපානයේ Waseda විශ්වවිද්‍යාලයට අනුබද්ධ පර්යේෂණ ආයතනයෙන් ලබාගත හැකි අවශ්‍ය ලියකියවිලි ලැබුණු විගස ඉදිරිපත් කරන බව ද රංවල මන්ත්‍රීවරයා පවසයි.

රංවලගේ ආචාර්ය උපාධියේ නීත්‍යනුකූලභාවය පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ප්‍රශ්න කිරීමත් සමඟ මෙම මතභේදය ආරම්භ විය.

පාර්ලිමේන්තු වෙබ් අඩවියමන්ත්‍රීවරුන්ගේ නාමාවලියෙහි ඇති ඔහුගේ දත්තවලින් ‘ආචාර්ය’ යන නාමය ඉවත් කිරීමත් සමඟ තත්ත්වය උත්සන්න විය.

මහ මැතිවරණයට තරග කිරීමට පෙර රන්වල නිල හැඳින්වීමේදී ‘ආචාර්‍ය’ යන පදවි නාමය භාවිත කර තිබූ බව වාර්තා වන අතර ඔහු කථානායක ධුරයට පත්වීමෙන් පසු එය පාර්ලිමේන්තු වෙබ් අඩවියට ඇතුළත් කර තිබිණි.

කෙසේවෙතත්, එම නාමය ඉවත් කිරීම මහජන සැකය තවත් වැඩි කිරීමට හේතු වූ අතර, විරුද්ධ පක්ෂ රජයෙන් පැහැදිලි කිරීමක් ද ඉල්ලා සිටියේය.

රන්වල පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත් වුණේ නොවැම්බර් 21 වැනි දින 10 වැනි දිනයි.

 

(The Sunday Morning)

42.31%
17.27%
32.76%