Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට ලබන ජනවාරි මස 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස් සපුවිද නියෝග කර තිබේ.
2012 වසරේ ජනවාරි මස 24 වැනිදා බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ සිරකරුවන් අතර ඇතිවූ ගැටුම්වලින් රුපියල් ලක්ෂ පනස් දෙකකට අධික අනර්ථයක් බන්ධනාගාර දේපළවලට සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන් පනස් හතර දෙනකුට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් ඊයේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.
මෙම නඩුවේදී මතුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අපරාධ කොට්ඨාසයෙන් ප්රමාණවත් සහායක් නොලැබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා අනතුරුව මෙම නියෝගය නිකුත් කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ඇපමත මුදා හැර සිටි විත්තිකරුවන් පස්දෙනෙකු අධිකරණය හමුවේ පෙනී නොසිටි හෙයින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කර තිබේ.
මෙම නඩුව ඉකුත් දිනයේ කැඳ වූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් පිරිසක් වන්දි ගෙවා නඩු කටයුතු අවසන් කිරීමට එකඟතාව පළ කර තිබු අතර ඉන් අනතුරුව අදාළ නඩුව ජනවාරි මස 31 වැනිදා කැඳවීමට නියෝග කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart