December 15, 2024

දශක ගණනාවක් තිස්සේ ගොවීහු සහ ගම්වාසීහු නිසි විසඳුමක් නොමැතිව වන සතුන් සහ පක්ෂීන් තම වගාවන්ට හානි කිරීමේ ගැටලුව සමඟ පොරබදමින් සිටිති.

මේ වන විට මෙම ප්‍රශ්නය ජාතික ගැටලුවක් බවට පත්ව ඇති අතර එය විසඳිය යුතු බවට රජයට වැඩි වැඩියෙන් ඉල්ලීම් ඉදිරිපත් වෙමින් තිබේ.

මේ අතර ගම්වැසියෝ නව විසඳුම් උත්සාහ කරති.

බදුල්ල ප්‍රදේශයේ කන්දෙගෙදර සහ ඉඩම්ගම යන කෘෂිකාර්මික ගම්මානවල වගාවන්ට වැඩිම හානියක් සිදු වන්නේ මොණරුන්ගෙනි.

මොණරුන් පළවා හැරීමට සාර්ථක ක්‍රමයක් බව පවසමින් ගම්වාසීහු මේ වන විට තම වගා බිම්වල වැටවල් බැඳීමට සාරි යොදාගනිමින් සිටිති.

42.31%
17.27%
32.76%