Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රිලා ගහනය වැඩි වීමට අමතරව මේ වසරේ මුල් මාස තුන තුළ පැවති අධික උෂ්ණත්වය මෙරට පොල් හිඟය උග්‍ර කිරීමට හේතු වී ඇති බව රුහුණු විශ්වවිද්‍යාලයේ බෝග විද්‍යා අංශයේ ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය කේ.කේ.අයි.යූ. අරුණකුමාර පවසයි.
මහාචාර්ය අරුණකුමාර සඳහන් කරන්නේ මෙරට වාර්ෂිකව වගා කරන පොල් පැළ සංඛ්‍යාව මිලියන හතක් පමණ දක්වා පහත වැටී ඇති බවයි.
ගෝලීය වශයෙන්, රටවල් 92ක් පොල් නිෂ්පාදනය කරන අතර, ශ්‍රී ලංකාව එහි සිව්වැනි ස්ථානයේ සිටී.
කෙසේවෙතත්, ඉන්දියාව සහ පිලිපීනය වැනි රටවල් සැළකිව යුතු ලෙස පොල් විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරයි.
“ඉන්දියානු කෘෂිකර්ම පර්යේෂණ කවුන්සිලයේ වාර්තාවකින් පෙන්නුම් කළේ මාර්තු සිට ජුනි දක්වා පැවති ඉහළ උෂ්ණත්වය පොල් අස්වැන්න කෙරෙහි අහිතකර ලෙස බලපෑ බව. ශ්‍රී ලංකාවේ පොල් ගස් සඳහා සුදුසුම උෂ්ණත්වය සෙල්සියස් අංශක 27-28 පමණ වනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 33 ඉක්මවන විට පොල් පරාගණය අඩු වෙලා අස්වැන්න අඩුවීමට හේතු වනවා.” යනුවෙන් මහාචාර්ය අරුණකුමාර පෙන්වාදෙයි.
මහාචාර්ය අරුණකුමාර සඳහන් කළේ අධික උෂ්ණත්වය හේතුවෙන් දෙරටේම පොල් අස්වැන්න අඩුවීම හේතුවෙන් ඉන්දියාවට සමාන අභියෝගවලට ශ්‍රී ලංකාව ද මුහුණ දෙන බවයි.
“රිලවුන් සහ දඬු ලේනුන්ගේ ගහනය හදිසියේ වැඩි වී ඇත්ද යන්නත් අපි සොයා බැලිය යුතුයි. කාලයත් සමඟ ඔවුන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් වර්ධනය වී ඇති බව සාක්ෂිවලින් පෙනී යනවා,” යැයි ද ඔහු සඳහන් කරයි.
“රටේ පොල් අස්වැන්නෙන් 10%ක් පමණ රිලවුන්, දඬු ලේනුන් සහ වෙනත් පළිබෝධකයන් විසින් විනාශ කරනවා. රිලවුන්ගේ ගහනය පාලනය කිරීමට ස්වභාවික විලෝපිකයන් නැති නිසා උන්ගෙන් වැඩි හානියක් සිදු වනවා,” යනුවෙන් ඔහු තවදුරටත් පෙන්වාදෙයි.
සත්ව ගහනය තුලනය කිරීමේ වැදගත්කම මහාචාර්යවරයා අවධාරණය කරයි.
“මිනිසුන් ස්වභාවධර්මයට බාධා කරන විට, සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා අනෙකුත් සත්ව ගහනය පාලනය කළ යුතුය. මේ ක්‍රමය වෙනත් රටවලත් අනුගමනය කරනවා,” යැයි ඔහු වැඩිදුරටත් පෙන්වාදෙයි.
2020 සහ 2021 වසරවල වගා කර ඇත්තේ 2012 වසරේ සිටුවන ලද පොල් ගස් සංඛ්‍යාවෙන් හතරෙන් එකක් පමණක් බව ද ඔහු සඳහන් කරයි.
පසුගිය වසර 25 තුළ පොල් වගාවට වෙන් වූ භූමි ප්‍රමාණයේ වර්ධනයක් සිදු වී නොමැති බැවින් එය හෙක්ටයාර් මිලියන 1.1ක ප්‍රමාණයක තවමත් පවතී.
වතු ප්‍රමාණය අඩුවීමට විවිධ සාධක බලපා ඇති අතර එය වත්මන් හිඟයට හේතු වී ඇත.
“වර්තමාන පොල් හිඟය හදිසියේ ඇති වූ ප්‍රශ්නයක් නෙවෙයි, පසුගිය වසර 25ක ඉඳන් සිදු වුණු දෙයක ප්‍රතිඵලයක්. ඉදිරියේදී වර්ෂාපතනය වැඩි වීමත් සමඟ හිඟය යම් ප්‍රමාණයකට අඩු වෙන්න පුළුවන්. කෙසේවෙතත්, ප්‍රමාණවත් පොහොර ලබාදී අස්වැන්න වැඩිකර ගැනීමට රජයේ මැදිහත්වීම අවශ්‍යයි”යනුවෙන් ඔහු සඳහන් කරයි.
අනාගත හිඟතා විසඳීම සඳහා, මහාචාර්යවරයා පියවර කිහිපයක් ගෙනහැර දක්වයි.
රිලවුන් සහ දඬු ලේනුන් ඇතුළු පළිබෝධ ගහනය පාලනය කිරීම, වඩා හොඳ වගා පිළිවෙත් තුළින් පොල් අස්වැන්න වැඩි කිරීම, අනාගත ඉල්ලුමට සරිලන පරිදි නව පොල් ගස් සිටුවීම ඉහළ නැංවීම එම යෝජනා වේ.
“මෙම ගැටලුව විසඳීම සඳහා සත්ව ගහනය කළමනාකරණය කිරීම සඳහා කෙටි කාලීන ක්‍රියාමාර්ග සහ පොල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා දිගුකාලීන උත්සාහයන් අත්‍යවශ්‍යයි ” යනුවෙන් මහාචාර්ය අරුණකුමාර සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart