December 12, 2024

හත් දෙනෙකුට මරු කැඳවමින් යාපනයේ පැතිර ගිය උණ, ලෙප්ටොස්පයිරෝසිස් හෙවත් මී උණ ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය අද නිවේදනය කළේය.

යාපනයේ සක සහිත මරණ සංඛ්‍යාව මුලින් 5ක් ලෙස සටහන් වී තිබිණි.

යාපනය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ටී. සත්‍යමූර්ති විසින් මරණ තුනක් මී උණ රෝගයෙන් සිදුවූ බවට තහවුරු කිරීමත් සමඟ අනෙක් මරණ දෙක සැක සහිත බව ප්‍රකාශ විය.

මියගිය පිරිස වයස අවුරුදු 20ත් 65ත් අතර පසුවන්නන් වේ.

ඔවුන් උණ සහ ශ්වසන සංකූලතා හේතුවෙන් මිය ගොස් තිබිණි.

වැඩිදුර විශ්ලේෂණය සඳහා රුධිර සාම්පල කොළඹට යොමු කෙරුණු අතර, එහිදී රෝගය හඳුනා ගැනීමට හැකි වී තිබේ.

 

 

42.31%
17.27%
32.76%