December 12, 2024

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හුවමාරුව ආසන්නයේදී සිදුවූ මාරක රිය අනතුරකින් එකම දැරියන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව මව සහ පියා බරපතල තුවාල ලබා තිබේ.

ඊයේ (11) රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

කොට්ටාව දෙස සිට පාලටුව දෙසට ධාවනය වූ මෝටර් රථයේ රියදුරුට නින්දයෑම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක පිටුපසට රථය ගැටී ඇති බව සඳහන් වේ.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් මව, පියා සහ ඔවුන්ගේ දියණියන් දෙදෙනා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධියෙන් තුවාල ලැබූ දැරියන් දෙදෙනා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ, මාතර නූපේ ප්‍රදේශයේ පදිංචි 10 සහ 13 හැවිරිදි දැරියන් දෙදෙනෙකි.

මෘතශරීර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉමදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

42.31%
17.27%
32.76%