Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහන ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ඔරොත්තු දීමේ හැකියාව සඳහා අත්‍යවශ්‍ය දෙයක් ලෙස සළකන බවත් තිරසාර වර්ධනයක් ඇති කිරීමට සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට අඛණ්ඩව දිරිමත් කරන බවත් එක්සත් ජනපදය පවසයි.
එක්සත් ජනපදය පාර්ශ්වයෙන් මෙම අදහස් පළවන්නේ දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා වන සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ ගේ ශ්‍රී ලංකා සංචාරයෙන් පසුවය.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ වැඩසටහනේ වැදගත්කම පිළිබඳ පුවත්පත් ආයතනයක් විසින් කරන ලද විමසුමකට එක්සත් ජනපද තානාපති කාර්යාලය මෙලෙස ප්‍රතිචාරය දක්වා ඇත.
ආර්ථික ප්‍රකෘතිය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ කලාපීය ආරක්ෂාව ඇතුළු ප්‍රධාන ප්‍රමුඛතා ඉදිරියට ගෙන යෑමේදී එක්සත් ජනපද-ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ වැදගත්කම ලූ අවධාරණය කළ බව එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ප්‍රකාශකයා සඳහන් කර ඇත.
USAID නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර් සහ භාණ්ඩාගාර නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කප්‍රෝත් ද සහභාගී වූ එම හමුවේදී , දූෂණ විරෝධී, වගවීම සහ තිරසාර ආර්ථික වර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය සඳහා එක්සත් ජනපදයේ සහාය යළි තහවුරු කළ බව ප්‍රකාශකයා පවසයි.
දූෂණය පිටුදැකීම සඳහා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවට උපකාර කරන ආකාරය පිළිබඳ විමසුමකට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශකයා පවසා ඇත්තේ දූෂණය ආර්ථික වර්ධනය, ආරක්ෂාව සහ මහජන විශ්වාසය අඩපණ කරන අතර පුරවැසියන්ගේ අවශ්‍යතා සම්පූර්ණයෙන් ආමන්ත්‍රණය කිරීමට ඒ අනුව රජයන්ට නොහැකි වන බවයි.
“එක්සත් ජනපදය ගැළපෙන වැඩසටහන් මාලාවක් හරහා ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රයත්නයන්ට සහාය වීමට කැපවී සිටින්නේ එබැවිනි. නීතිමය රාමු සහ බලාත්මක කිරීමේ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම සඳහා තාක්ෂණික සහාය, විමර්ශකයන් සහ නඩු පවරන්නන් සඳහා පුහුණු වැඩසටහන් සහ විනිවිදභාවය සහ වගවීම වැඩි දියුණු කිරීම සඳහා රාජ්‍ය ආයතනවල ධාරිතා ගොඩනැගීම ඇතුළත් වේ. මීට අමතරව, යහපාලනය පිළිබඳ දැනුවත් කිරීම සහ වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා සිවිල් සමාජය දරන ප්‍රයත්නයන්ට අපි සහාය දෙමු. විශ්වාසය ගොඩනැගීම, මහජන සම්පත් වගකීමෙන් පරිහරණය කිරීම දිරිගැන්වීම සහ සියලුම ශ්‍රී ලාංකිකයන් සඳහා වඩාත් විනිවිදභාවයෙන් යුක්ති සහගත සහ සාධාරණ පරිසරයක් සඳහා දායක වීම මෙම වැඩසටහන්වල අරමුණයි.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ කිසියම් ප්‍රතිපත්තිමය වෙනසක් සිදුවේදැයි කළ විමසුමකට ප්‍රකාශකයා පවසා ඇත්තේ එක්සත් ජනපද ප්‍රතිපත්තිය ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික වර්ධනය සහ කලාපීය ආරක්ෂාව සඳහා දිගුකාලීන කැපවීම් පිළිබිඹු කරන බවත්, මෙම මූලධර්ම ශ්‍රී ලංකාව සමඟ ඔවුන්ගේ හවුල්කාරිත්වයට මග පෙන්වන බවත්, ඔවුන්ගේ හවුල් ප්‍රමුඛතා ඉදිරියට ගෙන යෑම කෙරෙහි අවධානය යොමු කරන බවත්ය.
“එක වරකට එක් ජනාධිපතිවරයකු සහ එක් පරිපාලනයක් සිටින බව මතක තබා ගැනීම වැදගත්ය. නව ජනාධිපතිවරයා 2025 ජනවාරි 20 දින දහවල් වන තෙක් වැඩ භාර නොගනී. එතෙක්, ජනාධිපති බයිඩ්න් ඔහුගේ අවසාන දිනය පුරා වෙහෙස මහන්සි වී වැඩ කරනු ඇත.” යනුවෙන් ඔහු ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart