Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) පාර්ලිමේන්තුවේදී කථානායක අසෝක රන්වල හමුවිය.
මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර ද එක්ව සිටියාය.
මෙම හමුවේ දී අභිනව කථානායකවරයා වෙත කොරියානු තානාපතිවරිය සිය සුබපැතුම් එක්කළාය.
දකුණු කොරියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතාව පිළිබඳව සිහිපත් කළ කොරියානු තානාපතිවරිය ඉදිරියටද එම සම්බන්ධතා ශක්තිමත්ව පවත්වාගෙන යමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අවශ්‍ය සහාය ලබාදෙන බව පැවසුවාය.
එමෙන්ම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ව්‍යාපෘති සක්‍රීය කරමින්, නව රජය සමග සාකච්ඡා කර එම ව්‍යාපෘති වැඩකටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ඇය වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවාය.
ඒ අතර මහනුවර උමං මාර්ග ( Kandy Tunnel )ව්‍යාපෘතියේ වැඩකටයුතු ආරම්භ කිරීම අවසන් අදියරේ පවතින බවද ඇය පෙන්වාදුන්නාය.
තවද දෙරටේ පාර්ලිමේන්තු අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා නායකත්ව සහ ධාරිතා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් බලාපොරොත්තු වන බව වැඩිදුරටත් අදහස් දක්වමින් කොරියානු තානාපතිවරිය පැවසුවාය.
මෙහිදී අදහස් දක්වමින් කථානායකවරයා, ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට පවත්වාගෙන යෑමට බලාපොරොත්තු වන බවත් ඒ සඳහා දකුණු කොරියාවේ සහාය අපේක්ෂා කරන බවද පැවසුවේය.
මේ අතර, කථානායක අශෝක සපුමල් රන්වලගේ අධ්‍යයන සුදුසුකම්වල සත්‍යතාව පිළිබඳ වැඩෙන චෝදනා මධ්‍යයේ, ඔහු සමඟ ඇති සියලු කටයුතු තාවකාලිකව නතර කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යාපනය දිස්ත්‍රික් සංවිධායක ගීතනාත් කාසිලිංගම් රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවගෙන් ඉල්ලා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart