December 9, 2024

තම පාලන සමයේ දුන් සියලු සුරාබදු බලපත්‍ර නිකුත් කර ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ නීති රීති සහ නියමිත ක්‍රමවේදයට අනුව බවත් බලපත්‍ර නිකුත් කිරීමේදී සුරාබදු කොමසාරිස් ජනල්වරයා නිර්දේශ කළ අයඳුම්පත් සඳහා පමණක් බලපත්‍ර නිකුත් කෙරුණු බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ ක්‍රමවේදයට පරිබාහිරව එකදු සුරාබදු බලපත්‍රයක් හෝ නිකුත් කර නොමැති බවයි.

මෙම බලපත්‍ර මගින් රජය අදාළ මාස නවයක කාලය තුළ උපයා ගෙන ඇති සමස්ත ආදායම රුපියල් බිලියන 3.1කට අධික බවද එම කාර්යාලය සඳහන් කරයි.

මේ ක්‍රමය 2024 නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙකෙහි ද අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත් 2024 වර්ෂය තුළ රුපියල් බිලියන 04 ඉක්මව වූ ආදායමක් රජයට ලබාගත හැකි බව ද එම නිවේදනයේ දැක්වේ.

මෙම ක්‍රමවේදයේ සාර්ථකත්වය හා අත්දැකීම් පදනම් කර ගනිමින් 2025 වසරේ සිට නිශ්චිත ප්‍රදේශ නියම කර සුරාබදු බලපත්‍ර 250-300 අතර ප්‍රමාණයක් රුපියල් මිලියන 25ක අවම ලන්සුවක් යටතේ වෙන්දේසි පදනම යටතේ නිකුත් කිරීමටත්, මෙමගින් ලැබෙන ආදායමෙන් සියයට 25ක් වෙන්කර අරමුදලක් පිහිටුවීමටත්, එය අමද්‍යප ව්‍යාපාරය ප්‍රවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් සැළසුම් කර තිබු බව ද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය පවසයි.

එහි දැක්වෙන්නේ මෙම වැඩ කටයුතු ඉදිරියට ගෙන යන අතරවාරයේ දී නව සුරාබදු පනතක් ගෙන ඒමට අවශ්‍ය මූලික පියවර ගැනීම ද ආරම්භ කෙරුණු බවයි.

එම සම්පූර්ණ නිවේදනය පහතින්.

42.31%
17.27%
32.76%