Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෛනිකව නිකුත් කෙරෙන සහල් තොග පරීක්ෂා කිරීම සඳහා සෑම සහල් මෝලකටම නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ අනුව වී මිලදී ගැනීම, දෛනික නිෂ්පාදනය, සහල් තොග නිකුත් කිරීම සහ බෙදා හැරීම සම්බන්ධයෙන් දත්ත රැස් කරමින් පවතින බව ද අධිකාරිය පවසයි.
පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්රික්කවල සහල් මෝල් පරීක්ෂා කිරීම ඊයේ ආරම්භ වී තිබිණි.
මෝල්වලින් දෛනිකව නිකුත් වන සහල් තොග පිළිබඳ වාර්තා ලබා ගැනීමට ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙම පරීක්ෂා කිරීම් සිදු කෙරේ.
මෙම ක්රියාවලිය ඉදිරි දින 10ක කාලය තුළ ක්රියාත්මක වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පොළොන්නරුව දිස්ත්රික්කයේ මහා පරිමාණ සහල් නිෂ්පාදන ආයතන 8ක් ඊයේ පරීක්ෂාවට ලක්කර තිබේ.
හම්බන්තොට දිස්ත්රික්කයේ සහල් නිෂ්පාදනය කරන ආයතන 5ක් පරීක්ෂාවට ලක් කෙරිණි.
කෙසේවෙතත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසන්නේ මෙම ක්රමය ද සාර්ථක නොවනු ඇති බවයි.
මහා පරිමාණ මෝල් හිමියන් පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ට වැටුප් ගෙවනු ඇති බවත් එබැවින් මෙය සාර්ථක වීම සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් ඔහු සඳහන් කරයි.
මේ අතර, උපරිම සිල්ලර මිලට සහල් නිකුත් කිරීමට සහල් මෝල් හිමියන් පෙරේදා පැවති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණ තිබිණි.
මෙම ගිවිසුමට අනුව නාඩු සහල් කිලෝග්රෑමයක මිල රු. 230ක් සහ සුදු සම්බා සහල් කිලෝග්රෑමයක මිල රු. 220ක් වේ.
ආනයනික නාඩු සහල් කිලෝග්රෑමයක මිල රු. 220ක් වන අතර සම්බා සහල් කිලෝග්රෑමයක සඳහා උපරිම සිල්ලර මිල රු. 240ක් සහ කීරි සම්බා සහල් කිලෝග්රෑමයක මිල රු. 260ක් වේ.
මෙම මිලට වඩා සහල් අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart