Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මට ‘කීර්ති වී මෝල’ නමින් වී මෝලක් තිබු නිසා, එහි වී අඹරා හාල් කර ලාබ ලබා ඇත්තෙමි.
අපේ සීයාට, මගේ අප්පච්චීට හාල් විකුණන කඩයක් ඇත. මම කාලයක් ඒ කඩේ පාලනය කර ලාබයක් ද ලබා ඇත්තෙමි. හාල් වෙළදාම ගැන හාල් මුට්ටයෙන් මුට්ටයට කියන්නට ප්‍රායෝගික දැනුමක් ද, වෙළඳපොල රටාව ගැන ඇතෙක් බරට දැනුමක් ද, නිලධාරීවාදී චින්තනය ද මට නොඅඩුවම තිබේ.
වියදම් කරන මුදලට 20% ක අවම ලාභයක් නැත්තම් කිසිම වී මෝල් හිමියෙකු වී ‘හාල් මෝල් රස්සාව’ කරන්නේ නැත.
ගමක නගරයක සිල්ලර කඩයක් බංකොලොත් නොවී, පවත්වා ගන්නට 12% ක අවම ලාභයක් අවශ්‍යය. එසේ නොවේ නම්, අති දැවැන්ත පොලී නොගෙවන ප්‍රාග්ධනයක් අවශ්‍යය. මේ දෙකම ව්‍යාපාර කළමනාකරණයේ මුලිකාංගයන්ය.
හාල් මෝල් හිමියන් හා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමන් අතර සාකච්ඡා හොඳ ප්රවෘත්තියකි. ජනාධිපතිවරණයට සතියකට පෙර සැප්. 14 තඹුත්තේගම නාඩු 199 කි. සම්බා 222 කි. කැකුළු 195 කි. මහා මැතිවරණයට සතියකට පෙර නොවැ. 7 තඹුත්තේගම නාඩු 220 කි. සම්බා 230 කි. කැකුළු 210 කි.
අද (දෙසැ. 😎, රජයේ නිල මිල නාඩු 225 කි. සම්බා 235 කි. කකුළු 210 කි. ඒ මිලට තියෙන්නේ කොයි කඩේ දැයි කියන්නට මම නම් දන්නේ නැත.
වසර දෙකකට පෙර ලයිට් නැති, ඉන්ධන නැති, ගෑස් නැති රටක 2022 ඔක්තෝබර් මම රාජ්‍ය නිලධාරියෙකු ලෙස මෙවැනිම අද රජය මුහුණ දෙන අභියෝගයකට අපි ද මුහුණ දුන්නෙමු. මමත්, අපගේ රාජ්‍ය නිලධාරීන් කිසිවෙකුත් හාල් ප්රශ්නය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමන්ට ඉතිරි නොකළෙමු. 2023 දී නැවත එම ප්රශ්නය මතුවෙමින් එන විට එය රටේ කිසිවෙකුටත් අනවශ්‍ය පීඩනයක් නොදැනෙන සේ විසදාලන්නට හැකි විය.
2022 දී රාජ්‍ය නිලධාරීන් රැසක් කී දේ අනුව කටයුතු කරන්නට සති දෙකක් ඉඩ දී බලා සිටියෙමු. පසුගිය මාසය පුරා සිදු වූ දේ අප ද අත් දැක්කෙමු. රාජ්‍ය නිලධාරීන් ලෙස කළ කී දෑ, රාජකාරි වැඩ ඔ්පාදූප ලියන්නේ නැත. ප්‍රතිපත්තිය පමණක් ලියමු. ඊයේ රැස්වීම ද, පසුගිය සති දෙකේ හාල් ප්රශ්නය නහයට උඩින් ගලන තෙක් ආණ්ඩුව හැසිරුණු ස්වරූපය අනුව ද, නිලධාරීන් අපට අන්දන්නට ගිය ගුලිය (හෝ ප්රශ්නය ගැන ඔවුන් දැන සිටි සීමාව) ජනපති අනුර කුමාර දිසානායකට ප්රමුඛ රජයට ද ගිල්ලවා ඇති බව මාගේ විශ්වාසය යි.
2023 දී, අගෝස්තු පෙර සුදානමක් ලෙස හාල් ප්රශ්නය අප නිලධාරීන් සමඟ කතා කළෙමු. සියල්ල යහපත් ලෙස සිදුවන බව සියල්ලෝම පැවසූහ. සැප්තෑම්බර් අග වන විට කිසිවක් යහපත් නොවන බව අපි දුටුවෙමු. ඉතා අප්‍රසන්න වූ රැස්වීම් දෙකකින් පසුව නොවැම්බර් වන විට හාල් ප්රශ්නය මිනිසුන්නට නොදැනෙන්නට නත්තල් කන පරිසරය අපට ගොඩ නගා ගත හැකි විය. වී මිල පහතටම වැටෙන විට අන්ත දිළින්දන්ට හාල් කි. 10 බැගින් නොමිලේ ද ලබා දුන්නෙමු. එයට දායකත්වය දැක්වූ රාජ්‍ය නිලධාරීන්ට අප සදා ණය ගැති යැයි ඔවුන් ඉදිරියේ දී දෙවරක්ම මම පවසා ඇත්තෙමි.
රු. 225 ක තොග මිල, රු. 230 ක සිල්ලර මිල මහපොළවේ පැවතිය නොහැකිය. ඒ රු. 225 ක ආයෝජනයකට රු. 5 ක ලාභයක් හෙවත් 2.22% ක ලාභයකට හාල් බිස්නස් තබා ටෙලිෆෝන් කාඩ්, අරක්කු බිස්නස්වත් කළ නොහැකි නිසාය!. තොග මිල රු. 225 නම්, සිල්ලර මිල රු. 240 ක් වත් වන්නේමය. යම් නිශ්චිත තොග මිලකට 10% ක ලාභයක් නැතිව උස්සන, බාන, බෑග් එකක දාලා දෙන, ලයිට් විදුලිය, සේවකයින්ට වැටුප් ද ගෙවන ව්‍යාපාරයක් මිහිමත පැවතිය නොහැකිය.
සැපයුම් ජාල කලමනාකරණය විද්‍යාවකි. එය උපාධියක් ලෙස ලංකාවේ ද, තවත් බොහෝ රටවල ද උගන්වනු ලබයි. සැපයුම් ජාල කලමනාකරණයේ ස්වර්ණමය නීතිය, සැපයුම් ජාලය කඩන්නේ නැතිව එහි දුබලතා, බාධක, සීමාකාරී සාධක පාලනය කිරීමය.
හිටි හැටියේ හාල් හිඟයක් මතු වූවේ ඇයි?
මුලින්ම, මෙය හිටි හැටියේ මතු වූ තත්වයක් නොවේ. පසුගිය සැප්තෑම්බර් සිට වර්ධනය වූ රාජ්‍යයේ නිසි අවධානය යොමු නොවූ ප්රශ්නයකි.
1. රාජ්‍ය ආයතන ලබා දෙන සංඛ්‍යා ලේඛන හා සමාන වී අස්වැන්නක් හේ සහල් ප්‍රමාණයක් පසුගිය වසර 10 තුල රටේ පැවතියේ නැත.
2. මධ්‍යසාර නිෂ්පාදනයට සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොදින්ම දන්නා, නමුත් ලේඛනගත නොවන හාල් ප්‍රමාණයක් භාවිත වන්නේය.
3. මෑතක දී නව නිෂ්පාදන ආරම්භ කළ බියර් සමාගමක් පසුගිය මාස 6 ක් තුල නාඩු හාල්, අධික තෙතමනයක් සහිත දෙවන ශ්‍රේණියේ වී අඩු මිලට රැස් කළේය. තොගයේ ප්‍රමාණය කිසිවෙකුත් දන්නේ නැත.
4. ඉන්දියාවේ සිට රු. 125 කට අඩු මුදලකට කොළඹ වරායට නාඩු, හාල් ගෙන්විය හැකිය.
5. හාල් ආනයනය (ඉතා නිවැරදි ලෙස) බද්දකට යටත් ය.
6. හැම දේ ටම බැනුම් අහන මහා පරිපාමාණ ව්‍යාපාරිකයින් 9 දෙනෙකි. ඔවුන් සෘජුව හෝ වක්රම දේශපාලනයට සම්බන්ධය. සියළු පව්වලට හාල් වෙළදපොලෙන් දහයෙන් පංගුවක් හිමි මහා පරිමාණ මෝල් හිමියන් බැණුම් අසන්නට සිදු වේ. ඒ ඔවුන් ඇසට පෙනෙන, අඟට දැනෙන සන්නාම නාම සහිත පිරිසක් නිසාය.
7. වී ගොවිතැන ජීවන මාර්ගයකි. එය වී ගෝණියක් හාල් මල්ලක් බවට පත් කර කඩේක විකිණීමට වඩා ලොකු නිෂ්පාදන ක්‍රියවලියකි.
8. සැපයුම් ජාලයේ අතර මැද ලාභය කියා ඒකක් තිබේ. එය උඩ යට යාම සැපයුම අඩුවන විට ස්වභාවික තත්වයකි. එය කලමනාකරණය කළ හැකි නමුත්, සම්පූර්ණයෙන්ම අහෝසි කළ නොහැකිය.
හාල් මිල ඉහළ යන විට රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින්ගේ පහසුම උත්තරය ‘ආනයනය කිරීම’ යි. රාජ්‍ය නිලධාරියෙකු ලෙස ඉහළ දේශපාලනඥයින් හා රාජ්‍ය නිලධාරීන් එක් වී මේ ජාවාරම කරණු මම දැක් ඇත්තෙමි. බඩඉරිඟු, මුං ඇට, උඳු ආනයනය ද එවැනිම ජාවාරම් ය.
පිටකොටුවේ ආනයනකරුවන් සමඟ බලපත්‍ර විකිණීම ඉතිහාසය පුරා සිදු වී ඇත. පසුගිය වසර දෙකේ එය පාලනය කරනු ලැබූවේ අතිශයින්ම අප්‍රසන්න, වෙහෙසකර උත්සාහකයින් පසුවය. තම උත්සහය පරාජයට පත් වූ පරාජිත දේශපාලඥයෙකු මෑත දී ‘හාල් ප්රශ්නය ගැන’ කට ඇර තිබෙනු මම දුටුවෙමි.
හාල් ආනයනය දැනට ලබා දී ඇති දින වකවානු වලට අනුව කළ හැකි ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු පිටකොටුවේ සිටී. දෙසැම්බර් 15 ට පෙර තුත්ත්කුඩි, චෙන්නායි, බොම්බේ, ක්රිෂ්නපට්ටම් හාල් ඉන්දීය හාල් ලැබේ. අන්ද්‍රා ප්‍රදේශ නාඩු හාල් 16-18 කොළඹට පැමිණේ. රු. 65 ක බද්ද, රු. 5 ක වියදම සමඟ හාල් ලංකාවට එන්නේ රු. 220 කට ය. (වරායට ලැබෙන මිල රු. 150 කි) ඉතා හදිසියේ දින කිහිපයට පමණක් ආනයන තහනම ඉවත් කිරීම නිසා වැඩි මිලට හාල් ගත යුතුය. ආනයනයකරුවන් බිය වී ඇත්තේ, ඔවුනට ලාභයක් අහිමි වන ලෙස උපරිම සිල්ලර මිලක් පනවනු ඇතැයි යන බිය නිසාය.
ලාබ හාල් ගෙන්විය යුත්තේ මිනිස් පරිභෝජනයට නොව සත්ව ආහාර හා මධ්‍යසාර නිෂ්පාදනයට ය. එවිට ඒ සඳහා ඇති ප්‍රමාණය මිනිස් පරිභෝජනයට ලබා ගත හැකිය. අද සිදු නොවන්නේ ද එයයි. මෙයට පෙර ආනයනික සහල් කොළඹින් දඹුල්ලට පොළොන්නරුවට කන්ටේනර් පිටින් ගිය අතර එතැනින් නැවත රට පුරා අලෙවි විය. ආනයනික හාල් දඹුළු – පොළොන්නරු – අනුරාධපුර ගියේ අටමස්ථානය වදින්නට නොවේ. පොලිෂර් මැෂිමේ නැවත උත්ථාපනය (රී බර්ත්) වන්නටය.
ඊලඟ කන්නයේ අම්පාරේ පළමු වී අස්වැන්න ලැබෙන්නේ කවදා ද, එයට සති තුනකට පෙර සියලුම මෝල් හිමියන් සිය වී ගබඩා හිස් කර අඩු මිලට වී මිලදී ගන්නට සැරසෙති. අතිරික්ත සහල් තොඟ ඒ වන විට පවතින්නේ නම්, වී මිල තුට්ටු දෙකට පහත වැටීම සක්කරයාටවත් වැලැක්විය නොහැකිය.
සැපයුම් ජාලයක් කඩා බිඳ දැමීම, නොදන්නා, නොපෙනන අර්බුද රැසකට අත වැනීමකි. ගෝඨාභය නාරාහේන්පිට හාල් කඩේ කැෂියර් එකේ වාඩි වූ වී, ඩේටා බේස් වී තොග කියවන්නට පටන් ගත් විට සිදු වූයේ එයයි.
ජනාධිපතිවරයෙකු හාල් ප්‍රශ්නයට අත ගැසීම වනාහී ඛෙදවාචකය කි. දැන්වත් ජනාධිපතිතුමා පැත්තකට කර මේ ප්රශ්නය වෙළඳපොල සාධක මත තීරණය වන සැපයුම් ජාල කලමනාකරණයට අමාත්‍යවරුන්, රජයේ නිලධාරීන් පහසුකම් සැලසිය යුතුය. ඊයේ සහ අද සිදු වෙමින් පවතින දේ, හාල් වෙළඳාමට තබා ආණ්ඩුකරණයටවත් ගැලපෙන්නේ නැත. ප්රශ්නය තවත් උග්රවීම පමණක් ම සිදු විය හැකිය.
උත්තරයක් නැද්ද? — මධ්‍යසාර නිෂ්පාදනයට ගබඩා කොට ඇති හාල් රාජ්‍ය මැදිහත්වීමෙන් වෙළෙඳපොලට නිකුත් කර උසස්ම තත්වයේ හාල් වහා ගෙන්වීම හැර නත්තල් සමයේ ඇතිවිය හැකි පීඩණයෙන් මිදීමේ මාවතක් නැති තරම්ය. රු. 65 ක බද්දකට යටත් ආනයනය, සහල් මිල ඉහළ යාම පාලනය කරනු විනා, සහල් මිල පහත දැමීමට හේතු නොවේ.
මහා පරිමාණ වී මෝල් හිමියන් සතුරන් නොව මිතුරන් ලෙස සැලකීම එහි අනිවාර්ය අවශ්‍යතාවයකි. අවශ්‍යව ඇත්තේ කාට හෝ පාඩමක් ඉගැන්වීම නම්, මාස කිහිපයකින් එහි අනිසි විපාකය විදින්නට ද රටේ ජනාතාවටම සිදුවන්නේය.
හාල් මිලට බනින ජනතාවට ප්‍රඥාව ලැබේවා! ආණ්ඩුකරණය කරන්නට ආණ්ඩුවට ශක්තිය ලැබේවා!
– රජිත් කිර්ති තෙන්නකෝන්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart