December 8, 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සංවිධායක කීතනාත් කාසිලිංගම්ට, නීතිවිරෝධී මිනිස් ජාවාරම් පිළිබඳ පැමිණිල්ලක් සම්බන්ධයෙන් පසුගිය බදාදා මානිප්පායි පොලිසියේ පෙනීසිටීමට සිදුවිය.

එම පැමිණිල්ල ගොනුකර ඇත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ නම භාවිත කළ පක්ෂ සාමාජිකයකුට එරෙහිවය.

සැකකරු නාමල් රාජපක්ෂගේ නම යොදාගනිමින් වින්දිතයකුගෙන් රුපියල් මිලියන ගණනක මුදලක් ඉල්ලා ඇත්තේ, ඔහුට යුරෝපීය රටකට ආරක්ෂිතව ගමන් කිරීම සහතික කරමිනි.

පරීක්ෂණයෙන් අනතුරුව පැමිණි කීතනාත් කියාසිටියේ, නාමල් රාජපක්ෂගේ ප්‍රතිරූපයට හානිකිරීමට උත්සාහ කර ඇති බවත්, සැකකරු වැරදිකරු වුවහොත් ඔහු පක්ෂයෙන් නෙරපාහරින බවත්ය.

42.31%
17.27%
32.76%