December 7, 2024

රුපියල් ලක්ෂ 30ක් පමණ වටිනා නීතිවිරෝධී විදේශීය දුම්වැටි තොගයක් සමග සැකකරුවකු බණ්ඩාරනායක ගුවන්තොටුපළේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනුරාධපුර පොතානේගමRs. 3 million worth of cigarettes smuggled to Dubai ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හිටපු ගුවන් හමුදා සෙබළෙකු වන සැකකරු අද අලුයම 12.35ට ඩුබායි සිට FitsAir ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඔහු රැකියාවක් සොයා සංචාරක වීසා මත ඩුබායි වෙත ගොස් ඇති නමුත් එය සාර්ථක වී නොමැති බව වාර්තා වේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් ඔහුග ගමන් මලු දෙකක සඟවා තිබූ විදේශීය දුම්වැටි කූරු 20,000ක් අඩංගු පෙට්ටි 100ක් සොයා ගන්නා ලදී.

සැකකරු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර නීතිවිරෝධී ලෙස දුම්වැටි ආනයනය කිරීම, ජාවාරම් කිරීම සහ සන්තකයේ තබාගැනීම යන චෝදනා යටතේ දෙසැම්බර් 18 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

42.31%
17.27%
32.76%