December 7, 2024

මහාපරිමාණ සහල් මෝල් හිමියන් තොග ගබඩා කරන බවට වෙළෙඳ ඇමැති වසන්ත සමරසිංහ ඊයේ (6) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය හමුවේ ‘නව රත්න’ සහල් මෝලේ හිමිකරු ලංකේශ්වර මිත්‍රපාල ඇමැති සමරසිංහට එම සමාගමේ සහල් නිෂ්පාදන මධ්‍යස්ථානය පෞද්ගලිකව පරීක්ෂා කරන ලෙස ආරාධනා කර සිටී.

ඇමතිවරයාගේ චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මිත්‍රපාල ප්‍රකාශ කර ඇත්තේ ඕනෑම අවස්ථාවක තම සමාගම පරීක්‍ෂා කරන ලෙස තමන් වෙළෙඳ ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

තම සමාගම නිකුත් කළ සහල් ප්‍රමාණය, නිෂ්පාදන ධාරිතාව සහ සමාගම සතුව ඇති තොග ඔප්පු කිරීමට තමාට හැකියාව ඇති බව ද ඔහු සඳහන් කර තිබේ.

මීළඟ අස්වනු සමය දක්වා ස්ථාවර වෙළෙඳපොළ සැපයුමක් සහතික කිරීම සඳහා සහල් තොග පවත්වාගෙන යෑම සිය මෙහෙයුම්වලට ඇතුළත් බව ඔහු පැහැදිලි කරයි.

“අපි අපේ සියලුම සහල් තොග එකවර වෙළෙඳපොළට නිකුත් කරන්නේ නැහැ. මගේ ළඟ සේවකයන් 1,000ක් විතර සේවය කරනවා. මම මෙම තොග කළමනාකරණය කරමින් දිනපතා සහල් නිෂ්පාදනය කර ඊළඟ අස්වැන්න ආරම්භ වන තෙක් වෙළඳපොළට සහල් සැපයීමට කටයුතු කරනවා. මා සතුව තිබෙන සහල් තොග ආරක්ෂා කරගෙන පෙබරවාරි 1 වැනිදා දක්වා නිෂ්පාදනය කරගෙන යා යුතුයි” යනුවෙන් මිත්‍රපාල පැහැදිලි කරයි.

42.31%
17.27%
32.76%