December 5, 2024

අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක භාවිතයෙන් වළකින ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ජනතාවගෙන් ඉල්ලා සිටියි.

වෛද්‍ය අසේල ගුණවර්ධන එම ඉල්ලීම කළේ, ලෝක ප්‍රතිජීවක පිළිබඳ දැනුවත් කිරීමේ සතිය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති ජනමාධ්‍ය හමුවකදීය.

ප්‍රතිජීවක ඖෂධ ලබාගත යුත්තේ සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ මඟපෙන්වීම යටතේ පමණක් බවත්, නිර්දේශිත මාත්‍රාව සහ කාලසීමාව දැඩි ලෙස පිළිපැදිය යුතු බවත් ඔහු පැවැසීය.

ඇතැම් පුද්ගලයන් ඍජුවම ඖෂධ අලෙවිසැල්වලින් ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නා බව පෙන්වාදුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ, එසේ ඖෂධ ලබාගැනීම මෙන්ම නිසි බෙහෙත් වට්ටෝරුවකින් තොරව ඖෂධ සපයන ඔසුසැල් ද වරදක් සිදුකරන බවයි.

ප්‍රතිජීවක ඖෂධ නියම කළ දිනට වඩා අඩුවෙන් ගැනීම හෝ නියමිත කාලයෙන් ඔබ්බට ඒවා අඛණ්ඩව ගැනීම ද නුසුදුසු බව ඔහු ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ප්‍රතිජීවක භාවිතය පිළිබඳ වෛද්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීමෙන් පිරිවැය සැළකිව යුතු ලෙස අඩුකර ගැනීමට සහ රෝහල්ගත වීමේ අවශ්‍යතාවය අවම කරගත හැකි බවයි.

42.31%
17.27%
32.76%