December 5, 2024

ලබන වසර මුලදී වාහන ආනයනය සඳහා පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට රජය අවධානය යොමුකර ඇති අතර, යල් පැනගිය වාහන වෙළඳපොළට ගලාඑන්නේ නම්, ඉන් සැළකිවයුතු පාරිසරික, ආර්ථික හා තාක්‍ෂණික ප්‍රතිවිපාක සිදුවිය හැකි බවට අනතුරු අඟවමින්, භාවිත කළ වාහනවලට වඩා නව වාහන ආනයනය කිරීමට ප්‍රමුඛත්වය දෙන ලෙස කර්මාන්තයේ ප්‍රවීණයෝ රජයෙන් ඉල්ලා සිටිති.

පාවිච්චි කරන ලද වාහන ආනයනය කිරීමේ අදහස විශේෂඥයන්ගේ විවේචනයට ලක්ව ඇති අතර, ඔවුන් විශේෂයෙන් පැරණි වාණිජ වාහන මගින් එල්ල කරන අභියෝග ඉස්මතු කර ඇත.

විශේෂඥයන් පෙන්වාදෙන්නේ, පාවිච්චි කරන ලද වසර පහක් පැරණි වාහනයක් කිලෝමීටර් 500,000 කට වඩා වැඩි ධාවන පරාසයක පවතින අතර, ඒවා මිල අධික අලුත්වැඩියා කටයුතු සඳහා යොමුකිරීමට වැඩි ඉඩක් පවතින බවයි.

මෙම වියදම් සහ අලුත්වැඩියාවන් ක්ෂණිකව පෙනෙන්නට නොතිබුණද, නඩත්තු සහ අමතර කොටස් වෙනුවෙන් අනුක්‍රමයෙන් සැලකිවයුතු විදේශ විනිමය ප්‍රමාණයක් රටින් ඉවතට ගලායන බව ඔවුහු පෙන්වාදෙති.

වාහන විමෝචනය දැඩි ගෝලීය ගැටලුවක් ලෙස පවතින බවටද ඔවුහු තර්ක කරති.

පැරණි වාහන ඉහළ පරිසර දූෂණ මට්ටම්වලට දායක වන අතර, ඊට සාපේක්ෂව නව වාහන ඉහල තාක්ෂණයන්ගෙන් සමන්විතව අවම වායු විමෝචන තත්වයන් සහිත වේ.

මීට අමතරව, මෝටර් රථ කර්මාන්තයේ තාක්ෂණයේ ශීඝ්‍ර පරිණාමයක් සිදුව ඇති බව පෙන්වාදෙන ඔවුන් සඳහන් කරන්නේ, නව වාහනවල උසස් ආරක්ෂණ විශේෂාංග, ඉන්ධන කාර්යක්ෂමතාව සහ ඉහළ කාර්යසාධනය ලබාදෙන බවයි.

“ලාභ, පැරණි වාහන ආනයනය දිරිමත් කිරීම ශ්‍රී ලංකාවේ නවීන, තාක්‍ෂණිකව දියුණු වාහන සඳහා ප්‍රවේශය අවහිර කරයි,” යැයි පෙන්වාදෙන විශේෂඥයන්, එහෙත් ආනයනකරුවන් බොහෝ විට අඩු මිලට, යල් පැන ගිය වාහනවලට ප්‍රමුඛත්වය දෙන බව පෙන්වාදෙයි.

සංවර්ධිත රටවල යල්පැන ගිය සහ අකාර්යක්ෂම වාහන සඳහා ශ්‍රී ලංකාව කසල පිටියක් බවට පත්වීමේ අවදානමක් ඇති බවට ඔවුහු වැඩිදුරටත් අනතුරු අඟවති.

42.31%
17.27%
32.76%