December 5, 2024

ශ්‍රි ලංකාවේ ආර්ථික අර්බුදයට මූලික හේතුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නොවන බව ආණ්ඩුව පවසයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේදී ආර්ථික අර්බුදය ආරම්භ වූ බවට කිහිපදෙනෙකු ප්‍රකාශ කරන බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

කෙසේවෙතත්, එම ප්‍රකාශ අසත්‍ය සහ නොමඟ යවනසුළු බව ඔහු කියා සිටියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ 1977 වසරේ සිට ගත් දුර්වල ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස මෙම ආර්ථික අර්බුදය ඇති වූ බවයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරී පත්වන 2019 වසර වන විටත් ශ්‍රී ලංකාව බංකොලොත් වී තිබුණු බව ඔහු පැවැසීය.

කෙසේවෙතත්, 2022 දී දහස් ගණනක් වීදි බැස ගෝඨාභය රාජපක්ෂට විරෝධය පළකර ඔහුට බලයෙන් නෙරපා හරින ලදී.

ශ්‍රී ලංකාවේ ඉන්ධන සහ ගෑස් හිඟයකට තුඩු දුන් ආර්ථික අර්බුදයේ ප්‍රධාන හේතුව රාජපක්ෂ බවට චෝදනා එල්ලවිය.

42.31%
17.27%
32.76%