December 3, 2024

රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විපක්ෂයට චෝදනා කරමින් දකුණු කොරියානු ජනාධිපතිවරයා රට තුළ හදිසි යුද නීතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

යුද නීතිය හරහා නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී රටක් යළි ගොඩනඟන බව ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රකාශ කළේය.

“උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේගවලින් එල්ල වන තර්ජනවලින් ලිබරල් දකුණු කොරියාව ආරක්ෂා කර ගැනීමට සහ රාජ්‍ය විරෝධී කොටස් තුරන් කිරීමට අවශ්‍යයි. එබැවින් මම මෙයින් හදිසි යුද නීතිය ප්‍රකාශ කරමි, ” යනුවෙන් යූන් ජාතිය අමතමින් පැවසීය.

42.31%
17.27%
32.76%