Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘සිරකරුවෝද මනුෂ්‍යයෝය’….
වැලිකඩ බන්ධනාගාරයේ තාප්පේ සඳහන් කර ඇත්තේ එලෙසිනි. සිරකරුවෝද මනුෂ්‍යයෝ නම් මනුෂ්‍යයන් වශයෙන් ඔවුන්ට බොහෝ දේවල් හිමිය. ඒ ජීවත්වීමේ අයිතිය ඇතුළු තවත් බොහෝ දේය. නමුත් සිරකරුවෙක් වූ පසු ඇතැම් දේවල් නීත්‍යනුකූලවඅහිමි වේ. සිරකරුවෙකුට නීත්‍යනුකූලව අහිමි නොවූවද පවතින වටපිටාව අනුව අහිමිවන දේද බොහෝය. මේ අතරින් ඡන්ද අයිතිය ප්‍රධාන තැනක් ගන්නේය.
ශ්‍රී ලංකාවේ නීතියට අනුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සෑම පුරවැසියකුටම ජාති ආගම් ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිය. එසේම බන්ධනාගාර සිරකරුවකු වීම නිසාම ඔවුන්ට හිමි ඡන්ද අයිතිය අහෝසි වීමක් සිදුවී නොමැත. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඡන්ද අයිතිය හිමිවන්නේ බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් කොටසකට පමණි.
ලංකාවේ සිරකරුවන් වර්ග කිිරීම අනුව සිරකරුවන් දෙවර්ගයක් සිටියි. එක් කොටසක් නම් සැකකරුවන් ලෙස රක්ෂිත බන්ධනාගාරගත වූවන්ය. අනික් කොටස නම් අධිකරණ ක්‍රියා මාර්ගයකින් සිරදඬුවම් නියම වූ සිරකරුවන්ය. එහිදී ඡන්ද අයිතිය හිමිවන්නේ සැකකරුවන් ලෙස බන්ධනාගාර ගත වූවන්ට පමණි.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අසූ නවය එක වගන්තියේ(89 .1 ) සඳහන් වේ . එහි සටහන්ව ඇත්තේ මෙලෙසිණි.
“යම්කිසි තැනැත්තෙක් අවුරුදු දෙකකට නොඅඩු කාලයක් බන්ධනාගාර ගතකිරීමෙන් දඬුවම් කළ හැකි වරදකට කවර වූ අධිකරණයක් විසින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද හය මාසයකට නො අඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන්ම විඳ සිටියේනම් නැතහොත් මරණීය දණ්ඩනයට යටත්ව සිටීනම් නැතහොත් එවැනි දණ්ඩන නියමයකට ක්‍රියාවේ යෙදවීම වෙනුවෙන් හය මසකට නොඅඩු කාලයකට බන්ධනාගාර ගතකිරීමේ දඬුවමක් විඳිමින් සිටී නම් නැතහොත් ගත වූ සත් අවුරුදු කාලය තුළ ඒ දඬුවම සම්පූර්ණයෙන් විඳ සිටියේ නම් ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරීමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරාපත් කිරීමේ මැතිවරණයකදී හෝ ඡන්ද හිමියකු වීමටත් ජන මත විචාරණයකදී ඡන්දය දීමට හෝ සුදුස්සෙක් නොවන්නේය.”
මෙසේ සුදුසුකම් ලබන නොලබන සියලුම රැදවියන් සිටන්නේ ලංකාව පුරා තිබෙන බන්ධනාගාර විසි අටක් තුළය. එක් එක් බන්ධනාගාරවල ධාරිතාවන් වෙනස්ය. බන්ධනාගාර මාධ්‍යය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක කියන්නේ මෙම වසරේ නොවැම්බර් 18 වැනි දින වන විට සිරකරුවන් විසි අටදහස් අටසිය අනූනව දෙනෙක් (28,899)බන්ධනාගරාධනගතව සිටි බවයි.
” මෙම පිරිසගෙන් දඬුවම් ලැබූවන් නව දහස් හත්සිය විසි දෙනෙකු (9,720) සිටින අතර සැකකරුවන් දහනවදහස් එකසිය හැත්තෑ නව දෙනෙකු (19,179) සිටිනවා…බන්ධනාගාර දත්තවලට අනුව සාමාන්‍යයෙන් බන්ධනාගාර අතරින් වැඩිම සිරකරුවන් පිරිසක් සිටින්නේ නව රිමාන්ඩ් මැගසින් බන්ධනාගාරයේයි”. – බන්ධනාගාර මාධ්‍යය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක
සැකකරුවන් ලෙස බන්ධනාගාර ගතවූවන් 2019 වසරේ 12,108 මෙහි සිට ඇත. එය 2020 වසරේ 6992දක්වා අඩුවී තිබේ. 2021 වසරේදී එය 4,145 දක්වා අඩුවේ. 2022 නැවතත් වර්ධනයක් දැකගත හැකිය. ඒ සිරකරුවන් 9,590කි. පසුගිය වසරේ අනිත් වසරවලට වඩා සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරයි. ඒ 15,436 ක් ලෙසිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුවද සිරදඬුවම් හිමි නොවූ සැකකරුවන්ට ඡන්ද අයිතිය හිමිය. සාමාන්‍යයෙන් බන්ධනාගාර ගතවන්නන්ගෙන් වැඩි පිරිසක් සැකකරුවන්ය. ගෙවී ගිය වසරේ එසේ සිරගත වූ මුළු පිරිසකගෙන් 74.6% පිරිසක් සැකකරුවන් ලෙස බන්ධනාගාරගත වූවන්ය. එය 2022 වසර වන විට 2023 වසරට වටා සාපේක්ෂව වැඩිවීමක් පෙන්නුම් කරයි. ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය 78.1% කි. 2021 වන විට එය තවත් වැඩි වී තිබේ. ඒ, 81.1% ලෙසිනි. 2020 වසරේදී එය 82.0% දක්වා තවත් වැඩි වී තිබේ. එය 2019 වසරේදී 79.8% දක්වා අඩු වීමක් පෙන්නුම් කරයි.
දිනපතා බන්ධනාගාර ගතවන්නන්ගෙන් ද වැඩිපිරිසක් සැකකරුවන්ය. පසුගිය වසරේ එය 64.7% කි. 2022 වසරේ එය 61.7ක් වේ. 2021 වසරේදී 63.6 % ලෙස වැඩි වීමක් දක්නට ලැබේ. 2020 වසරේදී 66.4% තවත් වර්ධනය වී තිබේ. මෙම දත්ත සළකා බැලූ විට පෙනී යන්නේ සිගතව සිටින පිරිසගෙන් බහුතරය ඡන්ද අයිතිය හිමි පිරිස බවයි.
මේ නිසාම මෙය සැළකිල්ලට ගනිමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය විසින් මෙම වසරේ පූලි 17 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 (ඌ) (1) අනු ව්‍යවස්ථාව යටතේ මන්ඩාමුුස් රීට් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළේය. සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානය සභාපති නීතිඥ සේනක පෙරේරා මේ පිළිබද මෙසේ කියයි.
“සැකකරුවන් ලෙස සිටින පිරිසගේ ඡන්ද අයිතිය පිළිබඳ කිසිම තර්කයක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන පහ වගන්තිය යටතේ (13:5) සඳහන් වෙනවා. වරදකරු යැයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තකුම නිර්දෝෂී යයි පූර්වානුමාන කළ යුත්තේය කියා සටහන්ව තිබෙනවා. ඔවුන්ට බන්ධනාගාරයේ සිටියත් බාහිර සමාජයේ සිටින අයට හිමි සියලූම අයිතීන් හිමියි. බන්ධනාගාරගතව දැනට සිරකරුවන් තිස් දහසක් ආසන්න සංඛ්‍යාවක් සිටිනවා. මෙයින් සියයට 75ක් පමණ දඬුවම් නියම වෙලා නැති සැකකරුවන් ලෙස බන්ධනාගාර ගත වූවන්. ඉතිරි සීයට පහළොවට තමයි දඬුවම් නියවෙලා තිබෙන්නේ .මොවුන් විවිධ දඬුවම්වලට යටත් වූවන් වන්නට පුළුවන්. බන්ධනාගාර ගත වූවන්ගෙන් දඬුවම් නියම වූවන් සුළු පිරිසක් තමයි සිටින්නේ.”
මෙම ගැටලුව පිළිබඳ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය අදාළ පාර්ශ්ව සමග දිගින් දිගටම සාකච්ඡා පවත්වන බව නීතීඥ සේනක පෙරේරා කියයි.
“මෙම සාකච්ඡාවලදී විවිධ දේ ප්‍රකාශ වුණා. පක්ෂ විදියට හිතලා ඇතුළෙන් කැරලි ඇති වෙන්න පුළුවන් කියන ප්‍රශ්නය බන්ධනාගාරා නිලධාරීන්ට තිබෙන ගැටලුවක්. මෙතන තිබෙන ප්‍රශ්නය තමයි බන්ධනාගාරය තුළ ඡන්දයක් පවත්වන බන්ධනාගාර නිලධාරීන්ට වැඩ වැඩිවීමක් වෙනවා. එය ඔවුන්ට ගැටලුවක්. නමුත් අප අතර වුණු සාකච්ඡාවලදී අවසානයේදී තීරණය වුණා ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ වටපිටාවක් හදනවා කියන එක. සාධාරණ ඡන්දයක් තියනවා කියන්නේ ඡන්දය දෙන සුදුසුකම් තියෙන හැමෝම ඡන්දය පාවිච්චි කරන්න ඕන කියන එක .විදේශගතව සිටින අයගේ ඡන්ද අයිතිය ගැන කතා කරනවා. ආබාධිතයන්ගේ ඡන්ද අයිතිය ගැන කතා කරනවා. ඔවුන්ට නම් වෙන විකල්ප තියෙන්න පුළුවන් ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධ. නමුත් සිරකරුවන්ට වෙන විකල්පයක් නැහැ. බන්ධනාගාරවල සිටින්නේ ශ්‍රී ලාංකික පුරවැසියන්. ඉන්දුනීසියාව වගේ රටක මරණ දඬුවම තිබෙන සිරකරුවන්ට පවා ඡන්දය තිබෙනවා. ලංකාවේ සිරකරුවන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ විවිධ සීමාවල් පවතිනවා. සිරකරුවන්වත් කවදාවත් තමන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ ඉල්ලීමක් කරලා නැහැ. ඔවුන් තමන්ට ඡන්දය හිමි බවවත් දන්නෙත් නැහැ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ නෙල්සන් මැන්ඩෙලා මූලික මාර්ගෝපදේශයට අනුව පවා විරුද්ධයි සිරකරුවන්ට ඡන්ද බලය නොදීසිටීම.”
මෙම සියලු කතාබස්වලින් තහවුරු වන්නේ සිරකරුවන්ට වුවද ඡන්ද අයිතිය හිමි නම් ඡන්දය ප්‍රකාශ කිරීමට වටපිටාවක් සාදා දීම කළ යුතු බවය. අධිකරණයේ පවතින නඩු විභාගයෙන් පසුව හෝ මේ සඳහා නිශ්චිත විසඳුමක් ලැබේ යැයි අපි විශ්වාස කරමු.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart